මම අවසාන මහා තරගයට නොඑන්නයි හිටියෙ

  👤  3345 readers have read this article !
By mawbima 2017-06-20

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ජයග්‍රහණය කරන්නට ආරම්භක පිතිකරුවා ලෙසින් ශතකයක් ද ලබා උරදුන් ෆකාර් සමාන් පවසා සිටියේ තමන් පෙර දිනයේ අසනීප වූ බැවින් අවසාන මහා තරගයට ක්‍රීඩා නොකිරීමට තීරණය කර සිටි බවයි.
ඉන්දියාවට එරෙහිව පැවැති අවසාන මහා තරගයේදී තරගයේ වීරයා වූ සමාන් තරගයට පෙර දින (17දා සෙනසුරාදා) පැවැති පුහුණුවීම් සැසියෙන්ද ඉවත්ව ඇත්තේ කිහිපවරක්ම වමනය යෑම හේතුවෙනි. කෙසේ වෙතත් එම සිදුවීම් ඔහු විස්තර කර තිබුණේ මෙසේය.

මම සෙනසුරාදා පුහුණුවීම්වලට ආවා. එහෙත් මට ඇඟට සුවයක් දැනුණෙ නැහැ. මම පන්දු 5කට 10කට මුහුණ දුන්නා. ඊට පසුව මම පුහුණුකරුට කිව්වා මට අද අසනීපයි. මට අද පුහුණු වෙන්න වුවමනාවක් නැහැ කියලා. මම නැවත ක්‍රීඩාගාරයට ගියා. මට අද ඇඟට සුවයක් නැහැ ඒ නිසා මට අද පුහුණුවීම් කරන්න බැහැ කියලා, මම භෞතචිකිත්සකටත්, සම්බාහකටත් කිව්වා. පසුව අපි නැවත හෝටලයට ගියා. ඔවුන් දෙන්න මට ප්‍රතිකාර කළා. අපේ භෞතචිකිත්සක ෂේන් හයිස් එදා මුළු රැයම මා සමඟ ගත කළා. ඒත් මම ඔහුට කිව්වා මට හෙට සෙල්ලම් කරන්න බැහැ කියලා. එහෙත් ඔහු මට ප්‍රෝටීන් සහ ග්ලූකෝස් පෙති දීලා කිව්වා. "ඔබ හෙට ක්‍රීඩා කරනවා" කියලා.

මම පසුදා (18දා) උදෑසන නැඟිටින කොට ඇඟට සුවයක් දැනුණා. උදේ 7.00ට මම පණිවුඩයක් යැව්වා "ස්තූතියි ෂේන් මට දැන් සුවයි" කියලා. කෙසේ වෙතත් ෆකාර් සමාන් යනු මීට සති දෙකකට පෙර ජාත්‍යන්තර එක්දින තරග වරම් ලැබූ ක්‍රීඩකයෙක් වන අතර අයි.සී.සී. ක්‍රිකට් තරගාවලියක අවසාන මහා තරගයකදී ශතකයක් ලැබූ ප්‍රථම පාකිස්තාන් ක්‍රීඩකයා බවටද පත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්