රනිල්-ප්‍රභා ගිවිසුමට එරෙහි සටනට සෝමවංශ විශාල ශක්තියක් වුණා

  👤  3311 readers have read this article !
By mawbima 2017-06-20

ප්‍රභා - රනිල් ගිවිසුම අස්සන් කිරීමට කටයුතු කළ අවස්ථාවේ ඊට එරෙහි වී අලුත් ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි යන තීරණයට පක්ෂව සෝමවංශ අමරසිංහ මහතා ඉතා විශාල ශක්තියක් වීම නිසා එජාපය පරාජයට පත් කොට රනිල් - ප්‍රභා ගිවිසුම අවසන් කිරීමට හැකි වූ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

හෙතෙම මේ බව කියා සිටියේ සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවයේ වර්ෂ පූර්ණ සැමරීමට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති සමරු වැඩසටහනට එක් වෙමිනි.
දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

මහජනතාවගේ පැත්තෙන් බැලුවම දුප්පත්කම 22%කින් වෙළාගත්ත රටක් මේක. දිනාගත්ත නිදහස් අධ්‍යාපනය වැළලීගෙන යන රටක් මේක. නිදහස් සෞඛ්‍ය වැළලී යන රටක් මේක. මහජනතාවගේ මූලික ප්‍රශ්න විසඳීමට සෝමවංශ අමරසිංහ මහතා ජීවත්ව සිටි කාලයේදී සිය ජීවිතයම කැප කළා. එතුමා හමුවූ අවස්ථාවලදී අප සමඟ යළි යළි සිහිපත් කළේ "මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට සුදුසු වෙනසක් වෙත අප යොමු විය යුතුයි" කියලා.

ශතවර්ෂ ගණනාවක් පුරා පැවැති අපේ රටේ උරුමය අඛණ්ඩව ආරක්ෂා කර ගනිමින් ජනතාව වෙත නව නිර්මාණශීලී ජයග්‍රහණයක් ලබා දීමේ ක්‍රියාවලියේදී සෝමවංශ අමරසිංහ සහෝදරයා එහි මූල බීජයන් රට පුරා වැපිරුවා.

නලිනිකා ලක්ෂාණි
කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්