මහා භාණ්ඩාගාරයේ මුදල් අපේ පවුල්වල බූදල් ලෙස පරිහරණය කරන්නේ නැහැ

  👤  3322 readers have read this article !
By mawbima 2017-06-20

ආපදා තත්ත්වය හමුවේ මේ ගම්මානය ඉතා චාම් අයුරින් විවෘත කිරීමට අප තීරණය කළා. අද මෙලෙස විවෘත වන්නේ යහපාලන රජයේ "සැමට සෙවණ" නිවාස වැඩසටහනේ 28 වැනි ආදර්ශ ගම්මානයයි. මේ වනවිට දිවයින පුරා තවත් උදාගම්මාන 417ක් ඉදිවෙමින් පවතිනවා. දිවයිනේ සෑම පළාතක් හා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අප මේ නිවාස වැඩසටහන ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක කොට තිබෙන බව හම්බන්තොට සූරියවැව හබරත්වල සෙවණගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.
"අප මේ වනවිට නිවාස ක්ෂේත්‍රය තුළ සුවිශාල වූ වැඩ කොටසක් සිදු කරමින් පවතිනවා. මෙම වසර අවසන් වීමට ප්‍රථම දිවයින පුරා උදා ගම්මාන 500ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අපේ බලාපොරොත්තුවයි. ඔබ සියලු දෙනාගේ නිවාස හා ඉඩම් ප්‍රශ්න ඉතා ඉක්මනින් නිරාකරණය කිරීමට අප සැලසුම් සකස් කර ඇති බව මා සතුටින් ප්‍රකාශ කරනවා. මා නිවාස අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ගැටලුවලින් දැවෙන පවුල් 82,000ක් සිටියා. ඉන් පවුල් 22,000කගේ පමණ නිවාස ප්‍රශ්නය පසුගිය අවුරුදු දෙක තුළ විසඳීමට අප කටයුතු කර තිබෙනවා.

මේ වසර අවසන් වීමට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ගැටලු සියල්ල විස¼දා අවසන් කිරීම අපගේ ඉලක්කයයි. ඉදිරියේදී පත්වන තවත් නිවාස ඇමැතිවරයකුට නිවාස ප්‍රශ්න ඉතිරි කර යෑමට මා ඉඩ නොතබන බවද ප්‍රකාශ කර සිටිනවා. මේ වනවිට නිවාස ගැටලුවලින් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් පමණ අපේ රටේ ජීවත් වෙනවා. පසුගිය පාලන කාලය තුළ නිවාස ගැටලුව වෙනුවෙන් පාලකයන්ගේ අවධානය යොමු වූයේ නැහැ. නමුත් යහපාලන රජයේ නිවාස අමාත්‍යවරයා වශයෙන් මාගේ ඉලක්කය 2025දී සැමට සෙවණ ලබා දීමයි. එම ඉලක්කය ජය ගැනීමට අප සූදානම්.

රටක් ලෙස අප සැමට විශාල ඛේදවාචකයකට මුහුණ දීමට පසුගියදා සිදුවුණා. අප කවුරුත් නොසිතූ ආකාරයට ඇදහැලුණු මහ වර්ෂාවෙන් ගංවතුර හා නායයැම් සිදුවණා. මේ හේතුවෙන් ජීවිත රැසක් අහිමි වුණා. තවත් පුද්ගලයන් රැසක් අතුරුදන් වුණා. ලක්ෂ 5ක පමණ රටේ ජනතාව මේ නිසා පීඩාවට පත්වුණා. ආපදාවෙන් විපතට පත්වූ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට අප රජයක් ලෙස ඇප කැප වන බව මා වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා. කෙටි කාලයක් තුළ සැලසුම් සහගතව අප එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

වර්තමානයේ නිවාස විෂය අමාත්‍යාංශ 6කට බෙදා තිබෙනවා. යම් ආපදාවක් සිදුවූ විට එම නිවාස ඉදිකිරීමේ වගකීම පවතින්නේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයටයි. නමුත් මෙම ආපදාව හමුවේ විපතට පත් ජනතාවගේ නිවාස ගැටලු විසඳීම වෙනත් අමාත්‍යාංශවලට නොපවරා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මුල් වී එම ගැටලු සහමුලින්ම විසඳීමට පියවර ගන්නා බවද මා ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයකුª ලෙස මට ලැබෙන වැටුප, මාසික දීමනා සියල්ල "සෙවණ" අරමුදලට බැර කරනවා. එහි එකතු වී තිබෙන අරමුදල්වලින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවගේ නිවාස ඉදිකර දෙන්නට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කර සිටිනවා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පොදු ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වී සිටින අරපිරිමැස්සෙන් කටයුතු කරන අමාත්‍යාංශයක්. අප සියලු වැඩකටයුතු සිදු කරන්නේ යහපාලන රජයේ ප්‍රතිපත්ති නිසියාකාරව ආරක්ෂා කරමිනුයි.
විවිධ වරදාන උදෙසා ඔබේ අරමුදල් අප කිසිවිටෙන පාවිචිච් කරන්නේ නැහැ. අපට ලැබුණු ජනවරම තුළ රාජ්‍ය දේපළ හා මහා භාණ්ඩාගාරයේ මුදල් අපේ පවුල්වල බූදල් ලෙස පරිහරණය කරන්නේද නැහැ. එම මුදල් සෑම විටම ජනතාවගේ සුබසිද්ධිය උදෙසාම කැප කරන බව මා මතක් කර සිටිනවා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය කටයුතු කරන්නේ රටේ සංවර්ධනයේ මහා පහන් ටැඹ ලෙසයි. ජනතාව යහපාලන රජය කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකර ජන ජීවිතය සුඛිත මුදිත කිරීමට රජයක් ලෙස ඇප කැප වී සිටිනවා. අපගේ ඒකායන අරමුණ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමයි."

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්