ඉපලෝගම කුංචිකුලමේ නිදන් සොයා කැණීම් කළ හත්දෙනා 27දා තෙක් රිමාන්ඩ්

  👤  3312 readers have read this article !
By mawbima 2017-06-20

මඩාටුගම - ප්‍රසංග ඒකනායක

නිදන් සොයා නිවෙසක් අසල අනවසර කැණීමක් කළ කාන්තාවන් දෙදෙනකු කට්ට¾ඩියකු ඇතුළු හත් දෙනකු කැණීම් උපකරණද සමඟ අත්අඩංගුවට ගැනීමට ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීහු ඉකුත්දා සමත් වූහ.

කැණීම් කළ ස්ථානයේ පිහිටි නිවෙසේ හිමිකාරිය හා තවත් කාන්තාවක හා කපුවතු බව කියන 70 හැවිරිදි පුද්ගලයකු ඇතුළු හත් දෙනකු මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති. අත්අඩංගුවට පත් සැකකරුවන් කුංචිකුලම, කොටගල, විජිතපුර, මහනුවර, ගාල්ල හා එප්පාවල ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඉකුත් 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංක 119 ඔස්සේ ලද තොරතුරක් අනුව ඉපලෝගම කුංචිකුලම ප්‍රදේශයේදී සිදු කළ ක්ෂණික වැටලීමකදී සැකකාරියන් දෙදෙනා ඇතුළු හත් දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඉපලෝගම පොලිසිය කියයි
කැකිරාව - තලාව ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි කුංචිකුලම ප්‍රදේශයේ නිවෙසක පසුපස ‍ෙදාරටුවට යාබදව ගෙවත්තේ අඩි 06ක් පමණ පළලට අඩි 30ක් පමණ ගැඹුරට අනවසර කැණීම් සිදුකර තිබිණි. කැණීම් කිරීමට යොදාගත් උදලු යකඩ ඉනි බාල්දි හා වතුර මෝටරයක්, විදුලි වයර්, පඬුරු බඳින ලද කොහු ලණු පහක්, හඳුන්කූරු, සාම්බ්‍රානි, පච්චවඩම් පූජා භාණ්ඩ රැසක්ද වළට බැසීමට උපයෝගී කර ගත් අඩි 20ක් පමණ උසැති ඉණිමඟක්ද ඇතුළු උපකරණ රැසක් ද එම ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන තිබිණි.

ඉපලෝගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග උඩුකුඹුරගේ මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදුකර තිබිණි.
අත්අඩංගුවට පත් සැකකරුවන් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්