ළිං මැඩියෝ වගේ හිරවෙලා මේ රට කවදාවත් ගොඩගන්න බැහැ

  👤  3364 readers have read this article !
By mawbima 2017-06-20

රටක් දියුණු කිරීමට නම් වෛද්‍ය වෘත්තිය, සම සෞඛ්‍ය වෘත්තිය ආදී වෘත්තීන් දියුණු කළ යුතුයි. එතුළින් රට ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනසක් කරා ගමන් කරනවා යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති රජයේ ඔෟෂධවේදීන්ගේ සංගමයේ 60 වැනි සංවත්සර උළෙල අමතමිනි.

ඔෟෂධවේදීන්ගේ 60 වසරක ඉතිහාසය තුළ වෘත්තීය අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ විශ්වවිද්‍යාලවල ඔෟෂධවේදී දෙපාර්තමේන්තු වෙත සම්මාන පිරිනැමීම එහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

1957 මේ සේවය ආරම්භ වුණේ ඔෟෂධවේදීන් 5 දෙනකුගෙන්. අද ඔෟෂධවේදීන් 1500ක් දක්වා ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒ රටේ පිළිගැනීමත් සමඟම. වෛද්‍යවරු හිපොකේ‍රාටිස් දිව්රුම් අනුව වැඩ කරන්නේ. හිපොකේ‍රාටිස් පවා ඔෟෂධවේදියෙක්. අද මේ රටේ ඔෟෂධවේදීන් එදාටත් වඩා ඉහළ මට්ටමකට ගමන් කරල තියෙනවා. මොකද දැන් ඔෟෂධවේදී උපාධිධාරීන් බිහි වෙනවා. 2002 රජය යටතේ ඉඩම් අමාත්‍ය ධුරය දරන කාලයේ සම සෞඛ්‍ය සේවයේ මහා වැඩවර්ජනයක් තිබුණා. මම ඒ අවස්ථාවේ කැබිනට් අනුකාරක සභාව නියෝජනය කළා. ඔවුන් ප්‍රකාශ කළේ "රුපියල් ශතවලට සටන් කරලා වැඩක් නැහැ. වෘත්තීය සමානාත්මතාවක් ඇතිකර ගත යුතුයි කියලා"

මං ඉල්ලීමක් කළා විදේශීය රටවල තත්ත්වයට ළඟා වීමට සියලු ශේ‍ර්ණිවලට උපාධිය ලබාදෙන්න කියලා. එහි කෙටුම්පත් සකස් කරද්දී එදා රජය විසුරුවා හැරියා. නමුත් මං විපක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය දුන්නා සම්මත කරගන්න. මේ වනකොට කඩඉම් විශාල ගණනාවක් ඇවිත්. මේ වෘත්තීයවේදීන්ට මේවා ලබාදෙන කොට දූපත් මානසිකත්වයෙන් පෙළෙන අපේ රටේ සමහර වෛද්‍ය සංගම් විරෝධය පානවා.

අද වෛද්‍ය විද්‍යාව හදාරන්න අනුගමනය කරන්නේ බි්‍රතාන්‍ය ක්‍රමය. මේවට විරුද්ධ වුණා. අවුරුදු 4ක් එපා අවුරුදු 3ක් කරන්න කිව්වා. ලෝකේ හැම සම සෞඛ්‍ය සේවා උපාධියක්ම වසර 4යි. ළිං මැ¾ඩි දේශපාලනය හමුවේ මං තමුන්නාන්සේලා වෙනුවෙන් පෙනී සිටියා. අදටත් මහනුවර රෝහලේ මේ පාඨමාලාවන් හදාරන්න නොදී වෛද්‍යවරුන් කඩාකප්පල් කරනවා.

රටක් දියුණු කරන්න නම් මේ වෘත්තීන් දියුණු කළ යුතුයි. ඒ හරහා තමයි රටක ගුණාත්මක හා ව්‍යුහාත්මක වෙනසක් ඇතිවන්නේ. මේ වනකොට අප රජය විශාල වැඩකොටසක් ආරම්භ කරල තියෙනවා. බිලියන 12 1/2ක් වියදම් කරමින්, මහල් 17කින් සමන්විත හෙද පීඨයකට තව නොබෝ දිනකින් ජනපති අතින් මුල්ගල තියනවා. මෙය කොරියාවේ 'ඉංජේ' හෙද පීඨයට සමාන නවීනතම හෙද පීඨයක්.

ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සමඟ සාකච්ඡා කළා. එතුමා කැමැත්ත ප්‍රකාශ කළා. සම සෞඛ්‍ය පීඨයක් සහ ඔෟෂධවේදී පීඨයක් ඇති කරන්න. එමෙන්ම ඔෟෂධවේදී සභාව ඇති කරන්න කෙටුම්පත් ඉවර කළ හැටියෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සභාව මං අනුමත කර ගන්නවා. මේවා මේ යුගයේ අවසන් විය යුතුයි.

ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට දහදාහක් වැඩි කළා කියන්නේ අවුරුද්දකට එක්ලක්ෂ විසිදාහයි. ලංකාවේ කොයි රජයද මෙවැනි වැඩිවීමක් කළේ 2016 වසරේ ඉඳලා 2500ක් වැටුපට අනුයුක්ත කරනවා කියලා කිව්වා. අපේ රටේ 2006ට පස්සේ කිසිම රජයක් වැටුප් වැඩිවීමක් කරල නෑ. ඒත් සමඟ අතිකාල වැඩිවෙනවා, විශ්‍රාම වැඩිවෙනවා.

ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය පිහිටුවන්න මහාචාර්ය ගලප්පත්ති මහත්මිය මට විශාල සහයෝගයක් දුන්නා. එතුමිය දන්නවා මේ අධිකාරිය පිහිටුවන්න කොච්චර අමාරු වුණාද කියලා. මං මගේ බලය පාවිච්චි කරල තර්ජන කරල තමයි මේක පිහිටෙව්වේ. ඒ වෙද්දි මං දේශපාලන වශයෙන් ව්‍යාකූල තත්ත්වය හිටියේ.
නමුත් අපි ඒ අධිකාරිය පිහිටුවල නිකන් හිටියේ නෑ. විවිධ ප්‍රතිසංස්කරණ කළා. ඔෟෂධවේදීන් හා ඔෟෂධසල් හිමියන් ඇතුළු සියලුදෙනාම අපට සහාය දුන්නා. විශාල සමාගම් සහයෝග නොදුන්නට ඒ වෘත්තීය සමිති සියලුම සහයෝගය ලබාදුන්නා. අත්‍යවශ්‍ය ඔෟෂධ 48ක මිල අඩුකළා. ලෝක සෞඛ්‍ය සංවිධානයම කියනවා ප්‍රතිශතයක්් අඩු කරන්න එපා කියලා. කරපු හැම රටකම ඒ ක්‍රමවේදය අසාර්ථක වුණා. මොකද නියම වටිනාකම ඔෟෂධ ආනයනකරුවන් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මිල සූත්‍ර භාවිත කරල අපි ඒ දේ කළේ.

ව්‍යාපාර කළාට කමක් නැහැ. සාධාරණ සීමාවන් සහිතව. වෛද්‍ය ක්ෂේත්‍රය බිස්නස් එකක් විදියටම කරන්න බැහැ. අද බි්‍රතාන්‍යයේ ඔෟෂධවේදීන්ට ඉඩදීල තියෙනවා සමහර ඔෟෂධ රෝගීන්ට නියම කිරීමට. දීර්ඝකාලීන රෝගවලට බෙහෙත් දුන්නට පස්සේ ඔෟෂධවේදියාට පුළුවන් දිගටම බෙහෙත් නියම කරන්න. ඒක තමයි ලෝක තත්ත්වය. අපි යන්න ඕන එතැනට. එහෙම නොයන රටවල ප්‍රගතියක් නැහැ.

ගෝලීයකරණය නරක නැහැ. එහි තිබෙන සමාජ සාධාරණත්වය රටවල ඇති කරන්න ඕනේ. ඒකම තමයි ලෙනින් ජාත්‍යන්තරවාදය කිව්වේ.
අපි ළිං මැ¾ඩියෝ වගේ දූපතක වතුරෙන් වටවෙලා ඉන්න හින්දා දූපත් මානසිකත්වයෙන් හිටියොත් මේ රට කවදාවත් ගොඩගන්න වෙන්නේ නැහැ.

පහන් විජේසේකර
ඡායා : ලක්සිරි රුක්මන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්