කසළ කළමනාකරණය ගැන පාසල් දරුවන් දැනුවත් කරන්න යයි

  👤  3367 readers have read this article !
By mawbima 2017-06-20

උපතිස්ස පෙරේරා

පාසල් විෂය පථයට අපද්‍රව්‍ය කළමනාකරණ විෂය ඇතුළත් කොට පාසල් දරු දැරියන් කසළ කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ඇරඹීමට පියවර ගන්නා ලෙස පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.
කසළ කළමනාකරණය පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් මෙන්ම එය හොඳ ආයෝජනයක් බව පෙන්වා දෙන එම සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පාසලින් සමාජයට පිවිසෙන දරුවා මහ මඟට කුණු විසි නොකරන යහපත් පුරවැසියකු කළ හැකි වන්නේ නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මඟින් පමණක් බවත් ඔවුන් මඟින් වැඩිහිටි සමාජය දැනුවත් කොට කසළ කළමනාකරණය සඳහා ඔවුන් ද දායක කර ගැනීමට හැකිවනු ඇතැයි ද සඳහන් කරයි.

ලෝකයේ දියුණු රටවල ඒකපුද්ගල පොලිතින් පරිභෝජනය වසරකට කිලෝ 80ක් ඉක්මවුවද එම රටවල මහ මඟ හෝ කිසිදු ස්ථානයක පොලිතින් විසිකර තිබෙනු දක්නට නොමැත්තේ පොලිතින් භාවිතය පිළිබඳ විෂයානුබද්ධව ඒ රටවල පාසල් සිසුන් දැනුවත් කිරීම නිසා බවත් ඒකපුද්ගල වාර්ෂික පොලිතින් භාවිතය කිලෝ 6ක් වැනි සුළු ප්‍රමාණයක් වන අපේ රටේ අපද්‍රව්‍ය පිළිබ¼ද ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා නොදීම නිසා රටට සම්පතක් විය යුතු කසළ අද අපේ රටට ව්‍යසනයක් වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්