උතුරුමැද පළාත් සභා සභාපතිට විශ්වාසභංගයක්

  👤  3349 readers have read this article !
By mawbima 2017-06-20

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

උතුරුමැද පළාත් සාභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතාට එරෙහිව එම පළාත් සභාවේ විපක්‍ෂ මන්ත්‍රිවරුන් විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ. එම විශ්වාසභංග යෝජනාව විපක්‍ෂ මන්ත්‍රිවරුන් එකොළොස් දෙනකුගේ අස්සනින් යුතුව පළාත් සභාවේ ලේකම් එච්.එල්.එස්. විජේසිංහ මහතා වෙත භාරදී තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාවට විපක්‍ෂ නායක අනිල් රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ඩී.එම්. අමරතුංග, රෝහණ බණ්ඩාර විජේසුන්දර, එස්.එච්.එම්. අන්සාර්, එම්.එම්. ඩොනල්ඩ්, අරුණ බුද්ධික ගුණසේකර, ප්‍රසන්න කුමාර මහින්දරත්න, ජනක සමරසිංහ, කස්තුරි අනුරාධනායක, පී. සහීදු, කිංස් කුමාර නෙල්සන් යන මහත්වරුන් අස්සන් කොට තිබේ.

2017 මැයි මස 23 වැනි දින සභා රැස්වීමේදී සම්මත උතුරුමැද පළාත් සභා කාර්ය පටිපාටි රීති සංග්‍රහයේ 10 (1) වගන්තිය උල්ලඝනය කරමින් සභාපතිවරයා විසින් සභා නායකවරයකු පත්කිරීම, පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ විශ්වාසය බරපතළ ලෙස කඩකිරීමක් බවත් අපක්‍ෂපාතීව ස්වාධීනව කටයුතු කිරීමේ සම්ප්‍රදාය කඩකරමින් උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා පිළිබඳ විශ්වාසය කඩවී ඇති බව සඳහන් කර වෙනත් අයකු ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීම එම තනතුරේ ගෞරවයට සුදුසු නොවන බවද යෝජනාවේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්