පොලිස් අත්අඩංගුවෙන් පැනගිය අයගේ මළ සිරුර වතුර වළක

  👤  3504 readers have read this article !
By mawbima 2017-06-20

බළපිටිය - දම්සරී ලියනගේ
පිටිගල - ධම්මික ප්‍රසාද්

පිටිගල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ සිටියදී පලාගිය අයකුගේ මළ සිරුරක් ඊයේ (19දා) පෙරවරුවේ පිටිගල පොලිසිය අසල වතුර වළක තිබියදී පිටිගල පොලිසියෙන් සොයාගෙන තිබේ.

මෙසේ සොයාගත් මළ සිරුර මාරක්ගොඩ, මත්තක ලිපිනයේ පදිංචිව සිටි රවීන්ද්‍ර කුමාර (26) නමැත්තාගේ බවට මියගිය අයගේ බිරිය විසින් හඳුනාගෙන තිබේ.
මියගිය අය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (19දා) සවස ඇල්පිටිය මහෙස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.
පසුගිය සෙනසුරාදා (17දා) රාත්‍රි 10ට පමණ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිය සැමියා තමාට පහර දෙන්නේ යැයි මාරක්ගොඩ, මත්තක ලිපිනයේ පදිංචි පී. එච්. චතුරාංගනී මධුෂානි (23) නමැති අය පිටිගල පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව මියගිය සැකකාර සැමියා පිටිගල පොලිසිය මඟින් එදින රාත්‍රි 12ට පමණ අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පෙරේදා (18දා) අලුයම 1ට පමණ පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය බව පිටිගල පොලිසිය කියයි. එයින් පසු සැකකරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොවූ බවත් ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවෙන් මිදී පලාගිය අයගේ මළ සිරුර ඊයේ (19දා) පෙරවරුවේ සොයාගත් බවත් පිටිගල පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්