පවුලේ අයට ආදරෙයි නම් ඩෙංගු හැදුණු ගමන් රෝහල් ගත වෙන්න

  👤  3416 readers have read this article !
By mawbima 2017-06-20

දයා පෙරේරා

ඩෙංගු රෝගය වැලඳුණු බව හඳුනාගත් අයකුට හදිස්සියේම රෝහල්ගත වන්නැයි වෛද්‍යවරයකු නිර්දේශ කළහොත් පවුලේ කුමන ගැටලුවක් තිබුණත් ඒ ගැන නොසිතා අන් සාමාජිකයන්ට ආදරේ නම් රෝහලට ඇතුළත් වන ලෙස දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වසන්ත පෙරේරා ජනතාවට අවවාද කරයි.

පවුලේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට ඇති බව කියමින් රෝහල්ගත වීම පමා කරන්නේ නම් එය තමාගේ ජීවිතයට සිදුකර ගන්නා අවැඩක් බවද හෙතෙම පෙන්වා දෙයි. එසේ රෝහල් ගතවීම පමා කිරීම නිසා ඇතැම් ඩෙංගු රෝගීන්ගේ ජීවිත අහිමි වූ අවස්ථා පෙන්වා දිය හැකි බවද වෛද්‍ය වසන්ත පෙරේරා කීය.
ඩෙංගු රෝග අවදානම බෙහෙවින් ඉහළ ගොස් ඇති බැවින් යමකුට උණ පවතී නම් පැය 24ක් ගත වනවිට සම්පූර්ණ රුධිර පරීක්ෂාව (ජ්ඕඛ්) සිදුකර ගන්න යැයි හෙතෙම පවසයි.

ගැබිනියක නම් උණ, හෙම්බිරිස්සාව, පාචනය, තද හිසරදය ආදී රෝග ලක්ෂණ පවතී නම් පළමු දිනයේදීම ළඟම ඇති රජයේ රෝහලට ඇතුළත් විය යුතු බවද වෛද්‍ය නිලධාරියා කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්