විගීට පක්ෂ විපක්ෂ අය නිසා වවුනියාව උණුසුම් වෙයි

  👤  3339 readers have read this article !
By mawbima 2017-06-20

මුලතිව් - ශෂිකුමාර්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි පී. සත්‍යලිංගම් මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බව කියමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් උතුරු මහ ඇමැතිවරයාට විරුද්ධව වවුනියාවේ විරෝධතාවක නිරත වූහ.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති මේ විරෝධතාව ආසන්නයට උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ගේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණ විරෝධතාකරුවන්ට විරෝධය පෑමත් සමඟ දෙපිරිස අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීමට වවුනියාව පොලිසියට මැදිහත් වීමට සිදුවිය.
උතුරු මහ ඇමැතිට විරෝධය පෑ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ක්‍රියාකාරීන් කියා සිටියේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිවු දෙනාගෙන් දෙදෙනකුට පමණක් දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවේදී උතුරු මහ ඇමැතිවරයා විසින් අනෙක් අමාත්‍යවරුන් දෙදෙනාද මසක අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බවටත් වහාම එම තීරණය ඉවත් කරගත යුතු බවටත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්