ගම්පොළ පන්සලක බුදු පිළිමයේ උෟර්ණ රෝම ධාතුව හොරු අරන්

  👤  3377 readers have read this article !
By mawbima 2017-06-20

ගම්පොළ - මාධව බණ්ඩාර

ගම්පොළ හීන්නාරංදෙණිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන බුදු පිළිම වහන්සේගේ උෟර්ණ රෝම ධාතුව සොරාගෙන යෑම සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

ගම්පොළ නුවර ප්‍රධාන මාර්ගයේ ඇති මෙම විහාරස්ථානයේ සිදුව ඇති මේ සොරකම ඉතා පළපුරුදු හොරකු විසින් සිදුකොට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පසුගිය කාලය තුළ ගම්පොළ හා අවට විහාරස්ථානවල චූඩාමාණික්‍ය හා උෟර්ණ රෝම ධාතුව සොරකම් කිරීමේ සිද්ධි 15ක් පමණ වාර්තා වූ අතර මේ සම්බන්ධයෙන් උපැවිදි අයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් පසු ටික කලක් එය නතර වී තිබී දැන් යළිත් ආරම්භ වී තිබේ.

මේ විහාරස්ථානයේ තිබූ පින් කැටයද කඩා එහි තිබූ මුදල්ද මෙම සොරා රැගෙන ගොස් ඇති බව විහාරස්ථානාධිපති හිමියන්ගේ පැමිණිල්ලේ සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්