වගකීම භාරගන්නවා නම් තීරණය වෙනස් කරනවා

  👤  3478 readers have read this article !
By mawbima 2017-06-20

මඩුකන්ද - දීපාල් බණ්ඩාර, මුලතිව්- ශෂීකුමාර්

උතුරු පළාත් අමාත්‍යවරුන් වන පී. සත්‍යලිංගම්ගේ සහ පී. ඩෙනීස්වරන් සම්බන්ධයෙන් කර ඇති චෝදනා හා දඬුවම් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියට ප්‍රධාන අමාත්‍යවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය මඟින් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම අමාත්‍යවරුන් දෙදෙනා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමට සහතික වීමක් ලබාදීමට ඇති නොහැකියාව තමාට තේරුම් ගත හැකි බවත් එසේ වුවද ඔවුන්ට එරෙහිව පවත්වන ඉදිරි ස්වාධීන නීතිමය විමර්ශනයට බාධා නොකර සහාය ලබා දෙන ලෙස උපදෙස් ලබාදීමට පොරොන්දු වීම පිළිබඳව තමා සතුටු වන බවත්ය.

එම ලිපියේ මෙසේද දැක්වේ.
ඉහත නම් සඳහන් අමාත්‍යවරුන් පිළිබඳව කිසිදු දඬුවම් ලබාදීමේ පියවරක් මා අනුගමනය කර නොමැත. ඒ හේතුවෙන් ඔවුන් හට සම්පූර්ණ වැටුප ලබාගැනීමට මෙන්ම වාහන භාවිත කිරීමටද ඉඩ ලබාදී ඇත. මම ඔවුන් හට ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ සඳහා සහාය ලබා දීමට මඳක් ඉවත්ව සිටිනා ලෙස පමණි.
එසේම උතුරු පළාත් අමාත්‍යවරුන් වන පීි. සත්‍යලිංගම් සහ පී. ඩෙනීස්වරන් සම්බන්ධයෙන් වගකීම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අයි. ටී. ඒ. කේ. පක්ෂයේ මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස සහතික වන්නේ නම් තමන් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය වෙනස් කිරීමට සූදානම් බවයි.

එසේ නොමැති නම් අමාත්‍යවරුන් දෙදෙනා පිළිබඳ එල්ල වන චෝදනා පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහා දේශපාලනික වශයෙන් ඇඟිලි ගැසීම සිදු නොකිරීමට තමන් හට පොරොන්දු වන ලෙසද මහ ඇමැතිවරයා සම්පන්දන් වෙත යැවූ ලිපියෙන් ඉල්ලා ඇත.

ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනුයේ පළාත් සභාව තුළ සෘජුව කටයුතු කිරීමේදී මෙවැනි කුමන්ත්‍රණ සිදුවන බවට චෝදනා ලැබූවන් වැරැදිකරුවන් වුවහොත් ඔවුන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කළ යුතු බවය. එසේ නොවුවහොත් ජනතාව තුළ මහජන නියෝජිතයන් පිළිබඳව පිළිකුලක් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්