බස් ගාස්තු 10%කින් වත් ඉහළ දැමිය යුතුයි

  👤  3357 readers have read this article !
By mawbima 2017-06-20

උපතිස්ස පෙරේරා

අමතර උපකරණ මිල, සේවා ගාස්තු ඇතුළු සියලුම වියහියදම් සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස්...ඇති පසුබිමක 6%කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කරන්නේ නම් ඊට තම බලවත් විරෝධය පළ කරන පෞද්ගලික බස් රථ සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා, පවතින බස් ගාස්තුව අවම වශයෙන් 10%කින් හෝ ඉහළ දැමිය යුතු යැයි අවධාරණය කරයි.

ජූලි මස 1 දින සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදීම කනගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කරයි.

සියයට 6කින් බස් ගාස්තු ඉහළ දැමුවහොත් එය පදනම් කරගෙන සියලුම නඩත්තු ගාස්තු සහ උපකරණ මිල ඉහළ යන බැවින් බස් කර්මාන්තකරුවන් අසීරුවට පත් නොකර අවම වශයෙන් සියයට 10ක වැඩිවීමක් හෝ ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්