අද රෑ 12 සිට දුම්රිය වර්ජනයක්

  👤  3588 readers have read this article !
By mawbima 2017-06-20

උපතිස්ස පෙරේරා, අනුරාධා හේරත්

ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් අද (20දා) රාත්‍රි 12.00 සිට වැඩ වර්ජනයකට සූදානම් වේ.වසර 17කින් ලබානොදුන් විෂය ශේ්‍රණියේ උසස් වීම් ලබාදීම, වැටුප් විසමතාව ඉවත් කිරීම, දුම්රිය දිස්ත්‍රික් පරීක්ෂක යාන්ත්‍රිකයන්ට උසස් වීම් ලබාදීම, සහකාර ඉන්ජිනේරු තනතුරු ලබාදීම යන ඉල්ලීම් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බව දුම්රිය යාන්ත්‍රික ක්‍රියාකරු හා ඉන්ජිනේරු වෘත්තීය සංගමයේ සභාපති ලාල් පරණවිතාන "මව්බිම"ට පැවැසීය.
පරණවිතාන මහතා ප්‍රකාශ කළේ අද (20දා) පෙරවරුවේ මහ සභාවක් කැඳවා අවශ්‍ය සාකච්ඡා සිදු කිරීමට සූදානම් බවත් එහිදී මෙම වර්ජනය අඛණ්ඩ සිදුකරනවාද යන්න තීරණය කරන බවත්ය.

ඉහත කී ඉල්ලීම් පිළිබඳ මීට පෙර අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද කිසිදු ප්‍රතිචාරයක් නොමැති හෙයින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යෑමට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

මෙම වර්ජනය සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් කර නොමැති බව සඳහන් කරන දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා දුම්රිය ධාවනය උපරිම මට්ටමකින් පවත්වාගෙන යෑමට අවශ්‍ය විධිවිධාන යොදා ඇතැයිද ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්