කසළ ඉවත් කරන්න හමුදා අධීක්ෂණය දෙනවා

  👤  3403 readers have read this article !
By mawbima 2017-06-20

කසළ ඉවත් කිරීමේ කර්තව්‍යයන් සඳහා හමුදාව යෙදවීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් උපදෙස් ලබා දී නොමැති බවත්, එහෙත් කසළ ඉවත් කිරීමේ කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා හමුදාව අධීක්ෂණ සහාය ලබාදෙමින් සිටින බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
ඔහු ඒ බව සඳහන් කළේ "කුණු අයින් කරන වැඩේ භාර ගන්න හමුදාව බෑ කියයි" යනුවෙන් ඊයේ (19දා) 'මව්බිම' මුල් පිටුවේ පළවූ පුවත ගැන කරුණු පැහැදිලි කරමිනි.

ඉහත ලිපියේ සඳහන් ශීර්ෂ පාඨයට අදාළ ප්‍රකාශයක් තමා නොකළ බවද බි්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්