ශාන්ත ජෝශප් වාස් 5 වැනි ජය ලබයි

  👤  2817 readers have read this article !
By mawbima 2017-06-19

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 'සිංගර් කුසලාන' වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගවලදී මේ දක්වා අපරාජිතව තම 5 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය පසුගියදා සමත්වූ අතර, එම තරගයකදී දක්ෂ පිතිහරඹයක් දියත්කළ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ලසිත් වර්ණකුලසූරිය ලකුණු 150ක් රැස් කළේය.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ලසිත් වර්ණකුලසූරිය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව පන්දු 137කදී හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 150ක් රැස් කළ අතර, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිනුක ඩිල්ෂාන් මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් රැස් කිරීමට ද සමත්විය. තවත් තරගයකදී කෑගලු විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දකුණත් වේගපන්දු යවන නවෝද්‍ය විජයකුමාර ලකුණු 10කට කඩුලු 6ක් දවාලීමට සමත්විය.මෙම තරගවලදී වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්, කුරුණෑගල ශාන්ත ආනා, කටුගස්තොට ශාන්ත අන්තෝනි, අම්බලන්ගොඩ ධර්මාශෝක, කුරුණෑගල මලියදේව සහ දෙබරවැව ජාතික පාසල යන කණ්ඩායම් ජය ලැබූහ.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් - මීගමුව ශාන්ත පීතර ශාන්ත පීතර: 142 (පන්දුවාර 45.4) තිසර මධුවන්ත 41, නිපුන් ධනංජය 3/26, ඉසුරු ප්‍රනාන්දු 2/08
ශාන්ත ජෝශප් වාස්: 144/4 (පන්දුවාර 39) නිපුන් ධනංජය නොදැවී 53, ඩිල්ෂාන් පෙරේරා 33, රුවන් ශලීල 3/41 වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

කුරුණෑගල ශාන්ත ආනා - මහනුවර කිංග්ස්වුඩ් ශාන්ත ආනා: 222 (පන්දුවාර 49.2) ලසිත් වර්ණකුලසූරිය 150, ලක්මාල් ද සිල්වා 3/40, ඩී. ධනුෂ්ක 2/21
කිංග්ස්වුඩ්: 114 (පන්දුවාර 31.5) හර්ෂණ වික්‍රමසිංහ 36, කවිඳු රණසිංහ 5/30, හිරුෂ ද සිල්වා 2/11 කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට ලකුණු 108ක ජයක්.
කටුගස්තොට ශාන්ත අන්තෝනි _ කෑගලු විද්‍යාලය කෑගලු විද්‍යාලය: 34 (පන්දුවාර 20) පී. මධුසංක 11, නවෝද්‍ය විජයකුමාර 6/10, ගයාන් සමරසිංහ 2/6, ගිහාන් අචින්ත 2/6 ශාන්ත අන්තෝනි: 35/0 (පන්දුවාර 6.2) දයාන් පංකජ නොදැවී 19, මොහොමඩ් රුක්ෂාන් නොදැවී 12 කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

අම්බලන්ගොඩ ධර්මාශෝක _ මාතර ශාන්ත සර්වේෂස් ශාන්ත සර්වේෂස්: 218 (පන්දුවාර 47.5) චේතක දෙනුවන් 37, පසිඳු මනුප්‍රිය 32, චිහාන් කළිඳු 31, චමිඳු ඩිල්ෂාන් 2/13, දිනුක ඩිල්ෂාන් 2/52 ධර්මාශෝක: 222/3 (පන්දුවාර 43.5) දිනුක ඩිල්ෂාන් නොදැවී 105, කවිඳු නදීෂාන් නොදැවී 75, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

කුරුණෑගල මලියදේව - මහනුවර ත්‍රිත්ව ත්‍රිත්ව: 180 (පන්දුවාර 37.2) කෙවින් දුලාජ් 48, හිමාංග මතීෂ 30, චාළුක අතපත්තු 3/27, සුපුන් සුමනරත්න 2/29 මලියදේව: 186/5 (පන්දුවාර 42.1) මුදිත ප්‍රේමදාස නොදැවී 58, නවීන් බණ්ඩාර 45, පුබුදු බණ්ඩාර 2/11 කුරුණෑගල මලියදේව විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
දෙබරවැව ජාතික පාසල _ මාතර රාහුල රාහුල: 151 (පන්දුවාර 49.5) ළකිඳු චමෝද්‍ය 40, චමුදිත ඩිල්ෂාන් 36, රිෆ්නාස් සුඩීන් 4/28, චතුක මකුළ 3/9, හංසක ලක්ෂාන් 2/17 දෙබරවැව ජාතික පාසල: 156/1 (පන්දුවාර 23) ඉෂාන් අරවින්ද නොදැවී 75, එෂාන් විජේවර්ධන 68 දෙබරවැව ජාතික පාසලට කඩුලු 9ක ජයක්.
ඉෂාන් රශ්මිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්