හෙල්මුට් කෝල්ගෙන් ගාල්ලට මහ රෝහලක්

  👤  2805 readers have read this article !
By mawbima 2017-06-19

හබරාදුව - ගැමුණු රත්නසේකර

අභාවප්‍රාප්ත ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් මහතා ගාල්ල ජනතාවට විශාල පරිත්‍යාගයක් කරනු ලැබීය. ඔහු 2004 දෙසැම්බර් 26 සුනාමි ව්‍යසනයට ගාල්ල තල්පේ පැරගන් හෝටලයේදී මුහුණ දුන් බිහිසුණු සුනාමි අත්දැකීම් අත්විඳින ලදී. හෙල්මුට් කෝල් මහතා රජය මැදිහත් වී හෙලිකොප්ටර් යානයක් මඟින් කොළඹට ගෙන්වා ගන්නා අතර ගුවනේදී මහමෝදර මාතෘ රෝහලට සිදුවී තිබෙන විනාශය දැක සිය රටට ගොස් තම හෙල්මුට් කෝල් පදනමෙන් ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ අක්කර 5ක භූමි භාගයක දැවැන්ත මාතෘ හා ළමා රෝහලක් ඉදිකිරීම සඳහා රු. කෝටි 330ක් ලබාදෙන ලදී.

එම ඉදිකිරීම් සඳහා 2005 දෙසැම්බර් 27 මුල් ගල් තැබුවත් ඉදිකිරීම් නතර විය. පසුව නැවත ජර්මනියේ සංවර්ධන සහායක බැංකුවෙන් කෝටි 300ක් ලබාදෙන ලදී. ඇඳන් 600කින් යුත් තට්ටු 7කින් සමන්විත මේ රෝහල දැන් ඉදිවෙමින් පවතී. මේ රෝහලේ උපකරණ ගැනීමට හෙල්මුට් කෝල් පදනමෙන් යුරෝ මිලියන 3ක් ලබාදී ඇත. මේ රෝහල 2018 දෙසැම්බර් විවෘත කිරීමට නියමිතව ඇත.

කරාපිටිය සුනන්දාරාම විහාරාධිපති මානවේරියේ ධම්මික හිමියන් පවසන්නේ කරන ලද මෙම මහඟු සත්කාරය ඉතා අගය කරන බවයි. අභාවප්‍රාප්ත වී ඇති හෙල්මුට් කෝල් මහතා සමස්ත ලෝකයටම මහඟු සේවයක් සිදුකළා. මේ පුංචි රටටත් අංග සම්පූර්ණ මාතෘ රෝහලක් ඉදිකර දෙන්නට තම ධනය වැය කළා. එහෙත් අපේ අයගේ තිබූ යම් යම් දුර්වලතා සහ අඩුපාඩු නිසා එතුමා මියයන තුරුම එම රෝහල ඉදිකර අවසන් කිරීමට නොහැකි වුණා. අවස්ථා 3කදී එතුමා මේ රෝහල සඳහා මුදල් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රෝහලේ ඉදිකිරීම් කටයුතු සිදුවෙනවා. 2018 වසරේදී එම රෝහලේ කටයුතු අවසන් වීමට නියමිතයි. මානව හිතවාදියකු වූ හෙල්මුට් කෝල් මහතාගේ අභාවය පිළිබඳව ජාතියක් ලෙස අපගේ බලවත් සංවේගය මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්