විග්නේශ්වරන් අවශ්‍ය බව කියමින් විශ්වාසභංගයට එරෙහිව විරෝධතාවක්

  👤  2832 readers have read this article !
By mawbima 2017-06-19

මුලතිව් - ශෂි කුමාර්

යාපනයේ ෆේස්බුක් මිතුරන් විශාල පිරිසක් එක්ව යාපනය කයිතඩිහි පිහිටි උතුරු පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වමින් කියා සිටියේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට එල්ල වී ඇති විශ්වාසභංගය වහාම ඉවත් කර ගන්නා ලෙසටය.
උතුරු පළාත් සභාව ඉදිරිපිට පැවැති මේ විරෝධතාව අවසන් වූවේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවෙස ඉදිරිපිටය. එහිදී විරෝධතාකරුවන් විසින් උතුරු පළාත් මහ ඇමැතිවරයා හමු වී සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.

විරෝධතාකරුවන් එහිදී ප්‍රධාන අමාත්‍යවරයාට කියා සිටියේ උතුරු පළාතට විග්නේශ්වරන් මහතාගේ සේවය උතුරු මහ ඇමැති වශයෙන්ම ඉදිරියටත් අවශ්‍ය බවත් එහෙයින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට විරුද්ධව නැඟී සිටින සියලු ව්‍යාපාර වැළැක්වීමට උතුරේ සියලු ජනතාවගේ සහාය ලබා ගන්නා බවටයි.
එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව භාර දෙනු ලැබූ විශ්වාසභංගයට විරෝධය පා හර්තාලයක් අද (19දා) සිදු කළ යුතු බවටත් ඒ සඳහා උතුරු පළාතේම සහාය ලැබෙන බවත් මෙහිදී විරෝධතාකරුවන් වූ මුහුණු පොතේ යහළුවන් විසින් මහ ඇමැතිවරයාට දැනුම් දෙන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්