විග්නේශ්වරන් පරාද වුණොත් මහ ඇමැතිකමට ශිවඥානම්

  👤  2833 readers have read this article !
By mawbima 2017-06-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත් වුවහොත් උතුරු පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සී.වී.කේ. හිවඥානම් මහතා පත් කිරීමට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ පිරිස තීරණය කොට තිබේ.
ශිවඥානම් මහතා දැනට උතුරු පළාත් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර වාමාංශික අදහස් දේශපාලනඥයෙකි. දෙමළ ජාතික සන්ධානය යටතේ උතුරු පළාත් සභාවට තරග කොට ජයගත් ඔහු උතුරේ සමුපකාර ව්‍යාපාරය නඟාසිටුවීමට පුරෝගාමීව කටයුතු කළ අයෙකි.
ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලියෙන් ඔහු අනිවාර්යයෙන්ම පරාජයට පත්වන බවට දැඩි විශ්වාසයකින් පසුවන කණ්ඩායම කියා සිටින්නේ විසි එක් දෙනකු ඊට අස්සන් තබා ඇති බවයි.

උතුරු පළාත් සභාවේ සමස්ත මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 38ක් වන අතර ඉන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 30 දෙනාගෙන් 17 දෙනකුම ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අස්සන් කොට තිබේ.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයාගේද, එම්.ඒ. සුමන්තිරන් හා මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රිවරුන්ගේ සහායද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්ට අහිමි වී ඇතැයිද කියති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්