පරිසරයට හානි කරන පෝඩු දැල්පන්න ක්‍රමය ගැන විමර්ශනයක්

  👤  2773 readers have read this article !
By mawbima 2017-06-19

නුවන් හෙට්ටිආරච්චි

විශාල පරිසර හානියක් සිදු කරන බවට චෝදනා වී තිබෙන පෝඩු දැල්පන්න ක්‍රමය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැති පෝඩු දැල්පන්න ක්‍රම පිළිබඳ සාකච්ඡාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද එම දැල් පන්න ක්‍රමය බහුල වශයෙන් භාවිත කරන මීගමුව, හලාවත ධීවර නියෝජිතයන්ද නාරා ආයතන නිලධාරීන්ද සහභාගි වී ඇති අතර විමර්ශන කටයුතු නාරා ආයතනයට පවරා ඇත.
මේ දැල් මඟින් මුහුදු පතුලටත් මත්ස්‍ය පැටවුන්ටත් විශාල හානියක් වන බව ධීවර කටයුතු පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.

නාරා ආයතනය දැනටමත් දැල් හා ධීවර පන්න ක්‍රම පිළිබඳව ක්ෂේත්‍ර අධ්‍යයනයක් අරඹා ඇති අතර පරිසර හිතකාරී විකල්ප දැල්පන්න ක්‍රමයක්ද හඳුන්වා දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්