ඥානසාර හාමුදුරුවෝ පිටුපස්සේ ඉන්නේ ගෝඨාභය නොවෙයි

  👤  2884 readers have read this article !
By mawbima 2017-06-19

රටේ යම් ව්‍යසනකාරී තත්ත්වයක් පවතින්නේ නම්, ආර්ථික පරිහානියක් පවතින්නේ නම්, ඒ පිළිබඳව රට දැනුවත් කිරීම සිය වගකීම බවත් කුමන වාද විවාද තිබුණද අපේ වගකීම රට හරි තැනට ගෙනියන එක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සී. බී. රත්නායක මහතා පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂ සංවිධානයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
"රාජපක්ෂ ආණ්ඩුවේ පශු සම්පත් අමාත්‍ය ධුරය මට පැවරෙන විට කිරි ලීටරයක මිලි රුපියල් 17 - 20 අතර මට්ටමක පැවතුණේ. අදියරෙන් අදියර, පියවරෙන් පියවර ඉදිරියට ගෙන ගොස් කිරි ගොවියා රැක ගැනීමට ස්ථාවර මිලක් ඇති කිරීමටත් පාරිභෝගිකයාට බරක් නොදීමටත් මම කටයුතු කළා. ඒ අනුව ආනයනය කරන කිරිපිටි සඳහා 225ක බද්දක් යෙදෙව්වා. ඔබට මතක ඇති ආනයනය කරන කිරිපිටිවල මෙලමයින් අඩංගු බවටත්, සත්ත්ව තෙල් අඩංගු බවටත් ප්‍රශ්න ගැටලු ඇති වුණා. නමුත් මේකට නිවැරැදි විසඳුම් ලැබුණද? පසුකාලීනව දිගු නිහැ¾ඩියාවක් ඇති වුණා. බහුජාතික සමාගම්වල හස්තයන්ට අපේ දේශපාලනඥයන් හසුවනවා කියන කාරණය කියන්න ඕනෑ.

මුදලට මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් පමණ වූ ජනතාව පාවා දිය යුතු නැහැ කියන කාරණය කියන්න ඕනෑ. කෙසේ වෙතත් ක්‍රම ක්‍රමයෙන් කිරි ලීටරයක මිල රුපියල් 60 - 70 අතර මිලකට ගෙන ඒමට අපිට හැකිවුණා. දියර කිරි අලෙවිසල් දිවයින පුරා පිහිටුවනු ලැබුවා. කිරි ගොවීන් සංඛ්‍යාව වැඩි වුණා.
රජයේ ආයතනයක් ලෙස මිල්කෝ සමාගම ස්ථාවරත්වයකට ගේන්න අපිට පුළුවන් වුණා. මිල්කෝ ආයතනයට අලුත් උපකරණ මිලදී ගත්තා.
එහෙත් අද 225ට තිබුණු ආනයනික බද්ද රුපියල් 45ට අඩු කරලා. ඒත් සමඟම දේශීය කිරි මිලට ගැනීම වෙනුවට විදේශයන්ගෙන් අඩුවට ගෙන්වනවා. කිරි සමිති කෑගහනකොට ඔවුන්ගෙනුත් කිරි මිලට ගෙන ඉතිරි ටික මහ පාරේ හලලා දානවා.
අද කිරි ගොවියා නැත්තටම නැති කරලා. උත්සාහය මැලේසියාව වැනි රටවලින් කිරි ගෙන්වන්න. මේක පාරිභෝගිකයාගේ සාක්කුව හිස්වන යුගයක් ඇති කරලා කිරි ගොවියා හාන්සි කරන්නයි සූදානම් වෙන්නේ.

මේ නිසා කිරි ගොවීන් වෙනුවෙන් ජුනි 25 උදේ 10ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අපි සූදානම්. දේශීය කිරි ගොවියා රැක ගනිමින් ඉදිරියට යෑමට මොන බාධක පැමිණියත් අපි සූදානම් බව කිව යුතුයි.

මාධ්‍ය හමුවේදී, ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳ මාධ්‍යකරුවන් කළ විමසීමකදී සී. බී. රත්නායක මහතා මෙසේ පැවැසීය.
මෙතරම් කලක් උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඉඳිකටුවක් වැනි කුඩා දෙයක් නිසා විය හැකියි. පොලිස්පතිතුමා පිළිබඳව අපට ඇත්තේ කනගාටුවක්. මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසර 03ක් පමණ ගත වන විටත් ක්‍රියාත්මක රහස් ඔත්තු සේවාවක් නොමැති වීම ගැටලුවක්. මෙවැනි තත්ත්වයකදී ගන්නාවූ ක්‍රියාදාමය මෙලෙස නම් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් මතුවුවහොත් කුමකින් කුමක්් වෙයිද කියන එක ප්‍රශ්නයක්.
මහින්ද රාජපක්ෂ මහත්තයට ස්ථාවර ඡන්ද සංඛ්‍යාවක් රටේ තියෙනවා. ආණ්ඩුව හදන්නේ පාවෙන ඡන්දදායකයන්ව රවට්ටලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න. 'ජාතිවාදී' කතන්දර ගොතන්නේ ඒ නිසයි.

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පිටුපස්සෙ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියල චෝදනා කරනවා. ඇත්තටම හොයල බලන්න ඥනසාර හාමුදුරුවෝ 2005 - 2010 ජනාධිපතිවණවලදී හිටියේ කා එක්කද කියලා. බොදුබල සේනා හදන්න උදවු කළේ කවුද කියල හොයල බලන්න. අද ඇමැතිවරයෙක් වෙලා ඉන්න කෙනෙක් තමයි සිංහල වීර විදහන හැදුවේ. නුවරඑළියේ වීර විදහන ශාඛාවක් හදන්න ආපු වෙලාවේ මම විරුද්ධ වුණා ජාතික සමඟිය නැතිවෙනවා කියලා. ඒ වෙලාවේ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහත්තයා පොලිස් නිලධාරියෙක් එළවා ගත්තා. එයා අද උසස් නිලයක් දරන්නෙක්.

අනුෂා රාජපක්ෂ
ඡායා - මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්