ඉන්දියා තාරකා ඉබ්බන් 2089ක් ගෙන එද්දී අත්අඩංගුවට

  👤  2835 readers have read this article !
By mawbima 2017-06-19

චාමර අමරසූරිය

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එමින් තිබූ අධික වටිනාකමකින් යුත් තාරකා ඉබ්බන් 2089ක් රැගත් ඩිංගි බොට්ටුවක් සමඟ සැකකරුවන් දෙදෙනකු කල්පිටිය මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්තව සිටින නාවිකයන් විසින් පෙරේදා (17) දින මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, තාරකා ඉබ්බන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමයට කටයුතු සඳහා සින්නපාඩු රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්