ඩඩ්ලි සේනානායක 106 වැනි ජන්ම දින සැමරුම අදයි

  👤  2840 readers have read this article !
By mawbima 2017-06-19

සිවු වතාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වැනි ජන්ම දිනය අදට (19දා) යෙදී ඇත.
එතුමාගේ ජන්ම දින සැමරුම් උත්සවය අද සවස 3.30ට බොරැල්ල වටරවුම අසල ඩඩ්ලි සේනානායක පිළිරුව අබියසදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා සහභාගි වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි
දිනේෂ් ගුණවර්ධන මහතා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් උත්සව අවස්ථාව ඇමැතීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්