ඩෙංගු මදුරු මර්දනයට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්

  👤  2783 readers have read this article !
By mawbima 2017-06-19

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා කියා සිටියේ එම බැක්ටීරියාව මඟින් ඩෙංගු මදුරුවාගේ විස අඩු කිරීමේ හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල අත්හදා බලා ඇති බවයි. මේ බැක්ටීරියාව කෘෂිකර්ම කටයුතුවලටද යොදා ගනු ලබන බව ඒ පිළිබඳ පර්යේෂණ කළ ඕස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලය සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකාවේ මේ පරීක්ෂණ ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටී. එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුළු කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන මස ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමටද නියමිත බවත් නව තාක්ෂණය ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කර සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්