ඩෙංගු මාරාන්තිකයි

  👤  2791 readers have read this article !
By mawbima 2017-06-19

මේ දිනවල ලංකාවේ ප්‍රදේශ ගණනාවක තදින් පැතිර යන ඩෙංගු රෝගය ගැන නැවැත වතාවක් කතා කිරීම ඉතා යෝග්‍ය යැයි සිතේ. ඩෙංගු රෝග කාරකය වයිරසයකි. එය "ආබෝ වයිරස" නම් වයිරස පවුලේ ෆ්ලේවි වයිරසය ගණයට අයත් වයිසරයක් මඟින් බෝවන අතරම දැනට මෙම වයිරසය ඪ, ඪඪ, ඪඪඪ, ඪම ලෙස ප්‍රභේද 4ක් සොයාගෙන ඇත.

මේ නිසාම එක් පුද්ගලයකුට ජීවිතයේ කිහිප වතාවක් ඩෙංගු රෝගය සෑදීමට හැකි අතරම දෙවැනි, තුන්වැනි වතාවන්වලදී රෝගය සෑදීමේදී පළමු වතාවේ ඇතිවන ප්‍රතිදේහවල ක්‍රියාකාරිත්වය නිසා රෝගී තත්ත්වය බරපතළ වීමට හැකිය.

ඊඩිස් ඊජිප්ටස් සහ ඊඩිස් ඇල්බොපික්ටස් නමැති මදුරු විශේෂය මිනිසාට දෂ්ට කිරීම මඟින් රෝග කාරක වයිරසය ශරීර ගතවිය හැකිය.
මෙම වර්ගයේ පිරිමි මදුරුවා ශාක යුෂ ආහාරයට ගන්නා අතර ගැහැනු මදුරුවා මිනිස් රුධිරය ආහාර ගැනීම සඳහා මිනිසාට දෂ්ට කරයි. මොවුන් මිනිසාට වැඩි වශයෙන්ම දෂ්ට කරන්නේ උදෑසන 07 සිට 10 දක්වාත් සැන්දෑවේ පස්වරු 03 සිට 05 දක්වාත් කාලයේ අතරතුරය. එනම් මිනිසුන් සහ දරුවන් ක්‍රියාකාරී ලෙස පරිසරයේ ගැවසෙන වේලාවන් තුළය. රෝග කාරක වයිරසය ශරීර ගතවී දින 4-6ක් අතර කාලයේදී රෝගය ඇතිවිය හැකිය.
ඩෙංගු රෝගය ආකාර 03කින් මිනිසාට වැලඳිය හැකිය.

01. ඩෙංගු උණ
රෝග කාරක වයිරසය ශරීරගත වී දින 05කින් හෝ 6කින් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. අධික උණ, හිසරදය, ඇඟපත වේදනාව, සන්ධිවල සහ මාංස පේශීවල වේදනාව, ඇස් යට රිදීම ඇතිවිය හැකිය.

තවද ශරීර වර්ණය සුදු පැහැති, පැහැපත් පුද්ගලයන්ගේ රතු පැහැයට හුරු ලප දැකිය හැකිය.
ප්‍රතිකාර ලෙස ඇඳ විවේකය, උණ හිසරදය සහ ඇඟපත වේදනාව අඩුකර ගැනීම සඳහා පැරසිටමෝල් භාවිතය, දියර ආහාර වර්ග වැඩිපුර ගැනීම සිදුකළ හැකිය.
සාමාන්‍යයෙන් දින 3-5ත් ඇතුළත උණ බැසීම සිදුවන අතරම ඇඟපත රිදීම දින 10ක් 12ක් පමණ පවතී.

02. ඩෙංගු රක්තපාත උණ
ඩෙංගු රෝගයේ දෙවැනි අවස්ථාව මෙය වන අතරම සංකීර්ණ තත්ත්වයකි. මෙහිදී රෝගියා රෝහල්ගතව විශේෂිත ප්‍රතිකාර ඒකකයක හෝ දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබාදේ. අධික උණ, හිසරදය, ඇඟපත වේදනාවට අමතරව ක්ලාන්තය, ඇස, කන, නාසය, මුඛය, විදුරුමස ආදී ශරීර ඉන්ද්‍රියන්ගෙන් ලේ පිටතට ගැලීම සිදුවේ.

ලේ වමනය, මුත්‍රා සමඟ ලේ පිටවීම, මල සමඟ ලේ පිටවීම නිසා කළු පැහැයට මල පිටවීම, සහ සම මතුපිට විශාල ලේ පැල්ලම් දැකිය හැකිය.
මෙම රෝගීන්ගේ දේහයේ උදර සහ උරස් කුහර තුළට ලේ වහනය වීම සිදුවිය හැකිය.

03. ඩෙංගු කම්පනතාව
ඩෙංගු රෝගයේ භයානකම අවස්ථාවයි. මෙම රෝගීහු දැඩිසත්කාර ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ අධීක්ෂණය සහ සුපරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති.

උණ තත්ත්වය එකවර බැස යෑමක් දක්නට ලැබුණද, රෝගියාගේ දුර්වල බව පෙරටත් වඩා විද්‍යමාන වේ.
සිරුර සුදුමැලි වීම, සිහින් දහඩිය දැමීමක් ඇතිවීම, දේහ උෂ්ණත්වය පහළ බැසීම, දුර්වල වේගවත් නාඩි වැටීම සිදුවේ. බඩ රිදීම, බඩ ඉදිමීම, සිහිමඳ ගතිය, වලිප්පුව, ඇතිවිය හැකිය.

මෙම රෝගියාගේ මලමුත්‍රා සමඟ ලේ පිටවීම මෙන්ම සම මතුපිටට ලේ ගැල්මද දැකිය හැකිවේ.
ඩෙංගු රෝගය වැලඳී ඇතිවිටදී වේදනා නාශක ලෙස හෝ උණ අඩුකර ගැනීම ස¼දහා කිසිවිටෙකත් ඒඵනපඪද, ච්ඪඵනපඪද සහ ව්ඉඒධ්ච්ඉ කාණ්ඩයේ ඕපභබඥථ, ච්ඪජතධබඥදචජ ඉධයතඪථ වැනි ඔෟෂධ භාවිත නොකරයි.

නන්දන තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්