උෟවතැන්නේ් සුමන හිමි ඇතුළු 5කට වසර 7කට පසු චෝදනා පත්‍ර කියවා දෙයි

  👤  2795 readers have read this article !
By mawbima 2017-06-19

කේ. එස්. උදයකුමාර්

2010 වසරේ ජනාධිපතිවරණය සමයේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක තිබී පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පූජ්‍ය උෟවතැන්නේ සුමන හිමියන් ඇතුළු විත්තිකරුවන් 5 දෙනකුට එරෙහිව වසර 7කට පසුව ඉකුත්දා (15දා) කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර කියවා දෙන ලදී.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ කියවන ලදී.
එම චෝදනාවලට තමන් නිවැරැදිකරුවන් බව උෟවතැන්නේ සුමන හිමියන් ඇතුළු විත්තිකරුවෝ 5 දෙනා ප්‍රකාශ කළහ.
අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අතර සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් කොඩිතුවක්කු මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

2010 වසරේ ජනවාරි මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලසීමාව තුළ අත්බෝම්බ 56ක් පතොරම් 210ක් සහ ටී - 56 ගිනි අවි දෙකක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ හදිසි නීති රෙගුලාසි යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, නීතිඥ ගාමිණී අල්විස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

මෙම නඩුවෙන් චෝදනා ලබා සිටින උෟවතැන්නේ සුමන හිමියන් ඇතුළු විත්තිකරුවන් 5 දෙනා මේ වන විට අධිකරණ මඟින් ඇප මත මුදාහැර සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්