දරුවකු බිහිකර කළලය වැසිකිළි වළකට දමලා

  👤  2868 readers have read this article !
By mawbima 2017-06-19

වැල්ලවාය - ජී.අයි. රොෂාන්

රුධිරය වහනය වීම සම්බන්ධයෙන් රෝහල් ගත කළ කාන්තාවක් රහසිගතව දරුවකු ප්‍රසූත කර ඇති බවට දැන ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් බුත්තල වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේකෝන් මහතා ඇතුළු පිරිසක් විසින් සිදුකළ පරීක්ෂාවකින් පසු සම්පූර්ණයෙන් නොවැඩුණු දරුවකුගේ කළලයක් වැසිකිළි වළකට දමා තිබියදී පෙරේදා (17දා) සොයාගන්නා ලදී.

බුත්තල පැල්වත්ත පහලවෙල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටින 35 හැවිරිදි කාන්තාවක් දරුවාගේ කොටස් රෙදි කැබැල්ලක ඔතා වැසිකිළි වළට දමා තිබේ.
ඇයගේ සැමියා විදේශගතව ඇති බවත් 12 හා 8 හැවිරිදි තවත් දරුවන් දෙදෙනකු සිටින බවත් කුණු වී පණුවන් ගසා තිබූ මළ සිරුරේ කොටස් මොනරාගල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් බුත්තල පොලිසියේ නිලධාරියකු පැවසීය.

එම ප්‍රදේශයේ පැවැති සුවනාරී සායනයකට මෙම කාන්තාව සහභාගි නොවීම සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවක් විසින් කළ සොයා බැලීමකදී අසනීපව සිටි මෙම කාන්තාව රෝහල් ගත කරන ලෙස උපදෙස් දී තිබේ. ඒ අනුව ඇය රෝහල් ගත කළ අවස්ථාවේ ඇය පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරිය විසින් මේ බව පොලිසියට දන්වා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්