පොලිස් නිලධාරීන් 5ක් ඇතුළු නව දෙනාගේ ඇප ඉල්ලීම උසාවිය ඉවත දමයි

  👤  2835 readers have read this article !
By mawbima 2017-06-19

කේ. එස්. උදයකුමාර්

පෞරාණික වටිනාකමක් සහිත අකුණු සන්නායකයක් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි පොලිස් නිලධාරීන් 05 දෙනකු ඇතුළු සැකකරුවන් නව දෙනකුව ඇප මත මුදාහැරීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බවයි. සැකකරුවන්ට ඇප ලබා දුනහොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බැවින් විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ ඇප ඉල්ලීමට විරුද්ධ වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධව පරීක්ෂණ තවදුරටත් සිදුවන හෙයින් මෙම අවස්ථාවේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

සැකකරුවන් 09 දෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියෝග කළේය.
රිමාන්ඩ් භාරයට පත් කළ පිරිසට බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා, බොරැල්ල දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති සහ බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරු තුන් දෙනකුද ඇතුළත්ය. ඊට අමතරව සිවිල් වැසියන් හතර දෙනකුද මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
පෞරාණික වටිනාකමක් සහිත ඍර්ණීඛ් අකුණු සන්නායකයක් සහ රුපියල් ලක්ෂ 5කට අධික රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් කුරුඳුවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්