අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ගහපු පොලිසියේ පස්දෙනා වසර 07 ක් හිරේ

  👤  2812 readers have read this article !
By mawbima 2017-06-19

මතුගම _ වසන්ත කුමාර,තල්පිටිය-කහපොළගේ එස්. ප්‍රනාන්දු

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කෘෘර ලෙස වඳ හිංසා පමුණුවා, පහරදීමේ චෝදනාවට වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් පස් දෙනකුට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම් පමුණුවන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය පසුගියදා නියෝග කළාය.

පානදුර පොලිස් විශේෂ විමර්ශන මෙහෙයුම් ඒකකයේ 2001 වර්ෂයේදී සේවය කළ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු වන ධම්මික ලක්ෂ්මන්, බී. එච්. ධර්මරත්න දිසානායක හා අශෝක කුමාර කොඩිතුවක්කු යන තිදෙනා සහ පොලිස් කොස්තාපල් සනත් මංගල හා රංජිත් සමන් කුමාර යන අයට මෙසේ දඬුවම් නියම විය.
සිර දඬුවමට අමතර එක් අයකුට රුපියල් දස දහස බැගින් රුපියල් 50,000ක දඩයක් හා චූදිතට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. කළුතර මෑතගම ප්‍රදේශයේදී 2001 වර්ෂයේදී පුද්ගලයන් දෙදෙනකුගේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ පදිංචි විමල් සිල්වා ගුණරත්න නමැත්තාට කෘෘර වධ හිංසා කර පහරදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

මෙම නඩුවේ චූදිතයකු වූ පොලිස් කොස්තාපල් සංජීව නමැත්තා සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්