ලිංගිකත්වය කියන වචනයට බිය විය යුතු නැහැ

  👤  2925 readers have read this article !
By mawbima 2017-06-19

• "ලිංගිකත්වය" (ඉඥයභචතඪබර) බිය විය යුත්තක්ද?

ලිංගිකත්වය කියන වචනයට අපි කවුරුත් බිය විය යුතු නැහැ. මේක පොදුවේ කතාබහට ලක් කළ යුතු තේමාවක්. අපේ ජීවිතවල තියෙන එක් පැතිකඩක් තමයි, ලිංගික/ ලිංගිකත්වය (ඉඥය/ඉඥයභචතඪබර) කියන්නේ. ගැහැනියක් විදිහට, පිරිමියෙක් විදිහට මොනවද තියෙන ජීව විද්‍යාත්මක පැතිකඩ. මේ දෙපාර්ශ්වය අතර තියෙන අන්තර් සම්බන්ධතාවක් ලෙසින් ලිංගිකත්වය හඳුන්වන්න පුළුවන්.

දෙවියන් විසින් දෙන ලද දෙයක් ලෙස ලිංගිකත්වය සැලකුණු යුගයක් අතීතයේ තිබුණා. එහෙත් අද වන විට සමාජමය සංස්කෘතිකමය විවිධ සමාජ ව්‍යුහයන් හිදී ලිංගිකත්වය විවිධ අර්ථ දැක්වීම්වලට ලක්ව තියෙනවා. 'ලිංගිකත්වය' කතාබහට ලක් නොවන තැනක තිබුණත් අද වන විට කතා කළ යුතු තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

• ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් පවුලේ කාර්යභාරය කෙබඳුද?

අපේ සංස්කෘතියේ මල්වර චාරිත්‍රය යනු ලිංගික අධ්‍යාපනය ලබාදිය හැකි මහඟු අවස්ථාවක්. එය දරුවාට ලිංගික අධ්‍යාපනය පිළිබඳ පළමුවැනි පාඩම විය හැකියි. මල්වර වූ ගැහැනු දරුවා වෙන්කර තියන්නේ ඇයි? අනාගතයේ යම් කිසි කෙනකුගෙන් ඇයට අනාරක්ෂිත භාවයක් මතුවෙයි යන ඉඟිය මෙයින් ලබා දෙනවා. ඇගේ පියා, සොහොයුරා හා අනෙකුත් පිරිමින්ගෙන් ඇය වසන් කර තැබීමෙන් සංකේතවත් කරන්නේ ඇයට යම් දවසක මහ සමාජයේ පිරිමින්ගෙන් අනතුරක් වෙයි කියන පාඩම ඇයට ලබාදෙනවා. මේ මල්වර චාරිත්‍ර විද්‍යාත්මක පදනමක් නැහැ කියලා බැහැර කරනවා. එහෙත් මෙහි සමාජ සංස්කෘතික පදනමක් තියෙනවා.
එමෙන්ම ගැහැනු ළමයකුට පිරිසුදුව සිටීමේ පාඩම කියලා දෙනවා. ඇයගේ ආර්ථව කාලය තුළ කොහොමද පිරිසුදුව සිටිය යුත්තේ. තමන්ට ඇති වෙන්න පුළුවන් විවිධ සමාජ රෝගවලින් කොහොමද අපි පරිස්සම් වෙන්න ඕන. මේක ලිංගික අධ්‍යාපනයේ ඉතා වැදගත් කාරණයක්.

මල්වර වූ දැරියට ගොම්මන් වූ වෙලාවේ යන්න එපා කියනවා. උදේ පාන්දරට හා ඇඳිරි වැටීගෙන එන වෙලාවට තනිව නිවෙසින් පිට නොයන ලෙස දන්වන්නේ ඇයට අනාගතයේ යම් අතවරයක්, අපරාධයක්, දූෂණයට ලක්වීමක් සිදුවේය කියන පණිවුඩය ලබාදීමට. ඇත්තට මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමක් නෙමෙයි. සංස්කෘතිය තුළින් ඇගේ ආරක්ෂාව තහවුරු කිරීමක්.

වර්තමානය වන විට පවුලේ සාමාජිකයන් සයිබර් අවකාශය (ඛ්රඡඥප ඉනචජඥ) පිළිබඳව දැනගෙන සිටීම වැදගත්. ඒක පුළුල් පරාසයක්. නවීන තාක්ෂණික දියුණුවත් සමඟ සයිබර් අවකාශය තුළ සිදුවන ලිංගික හානි මොනවාද? ළමයෙක් ගොදුරක් බවට පත් විය හැකි අවස්ථාවන් මොනවාද? යන්න පිළිබඳ පවුලේ සෑම පුද්ගලයෙක් තුළම අවබෝධයක් තිබිය යුතුයි.

• දරුවන් සයිබර් අවකාශය භාවිත කිරීම වැළැක්විය නොහැකියි. මෙහිදී මවුපියන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?

සයිබර් අවකාශය පිළිබඳ මවුපියන් දැනුම්වත් වීම මත දරුවා අපරාධයකට ගොදුරු වීමෙන් අපිට වළක්වා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා සර්ට් ආයතනයට, පොලිස් සයිබර් අපරාධ අංශයට, ජාතික ළමා රක්ෂණ අධිකාරියට, ජාතික කාන්තා කමිටුවට වාර්තා වන සිද්ධීන්ට වඩා සයිබර් අවකාශයේ සැඟව ගත් සිදුවීම් වැඩි බව මතක තබාගත යුතුයි.

යම්කිසි පුද්ගලයකුගේ ඉල්ලීම පරිදි දරුවකුගේ නිරුවත අනාවරණය කරන අවස්ථා සයිබර් අවකාශය තුළ සුලබ වෙමින් පවතිනවා. අවසානයේ ඇය හෝ ඔහු එහි වින්දිතයන් බවට පත්වෙනවා. බොහෝමයක් දරුවන් මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වෙලා තියෙන්නේ නොදැනුවත්කම නිසා. කතාවකුත් තියෙනවානේ 'දැනගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ' කියලා.

වැඩිහිටියන් වශයෙන් අපි මේ තත්ත්වය හරියට අවබෝධ කරගෙන සිටිය යුතුයි. මවුපියන් ඉගෙන ගත්ත කාලයේ සයිබර් අවකාශය පිළිබඳ දැනුමක් ලැබුණේ නැති වුණාට අද ඉන්න තරුණ මවුපියන් මේ පිළිබඳව දැනුවත් භාවයක් තිබිය යුතුයි. ඔවුන්ට දැනුවත් භාවයක් නැතත්, දැනුවත් විය හැකි ක්‍රම තියෙනවා. ඩිජිටල් තාක්ෂණයෙන් සිදුවිය හැකි අනතුරු පිළිබඳව, මෙහි සෘණාත්මක ප්‍රතිඵල පිළිබඳ සන්නිවේදන මාධ්‍යයන්හි, පොත්පත්වල නිතර දැනුවත් කිරීම් සිදු කරනවා.
මේ තාක්ෂණය ඉතාම හොඳයි කෙනකුට දියුණු වෙන්න. අධ්‍යාපනයෙන් ඉහළටම යන්න. දැනුම එකතු කරගන්න. නමුත් මවුපියන්ට නිවැරැදි අවබෝධයක් තිබිය යුතුයි දරුවාගේ ආරක්ෂාව සම්බන්ධව. පරිගණකය නිවෙසේ සවිකරන්නේ කොතැනද? ළමයා පිවිසෙන්නේ මොන විදිහේ වෙබ් පිටුවලටද (ඹඥඡ ඵඪබඥ) යන්න පිළිබඳ අවබෝධයක් මවුපියන් තුළ තිබිය යුතුය.

වයස අවුරුදු 10-12, 12-15, 15-21 නව යොවුන් කාලය ලෙස සලකනවා. විශේෂයෙන් 10-15 අතර කාලයේ දරුවන් තමන්ට විරුද්ධ ලිංගික පාර්ශ්ව පිළිබඳව පසුවන්නේ දැඩි කුතුහලයකින්. ඒ නව යොවුන් කාලයේ ස්වභාවය. ඒ කුතුහලය පාලනය කළ හැක්කේ කෙසේද? දරුවාට ඇතිවන ගැටලුවලට පිළිතුරු මවුපියන් ලෙස ඔබ ලබාදෙන්නේ කෙසේද? ඔබට අවබෝධයක් තිබිය යුතුයි. දරුවන් සයිබර් අවකාශයට ළං වනවිට ඔබත් දරුවා සමඟ එකට සයිබර් අවකාශයට පිවිසීමට උත්සාහ කරන්න. එකට ඇය හෝ ඔහු සමඟ දැනුම සොයන්න. එවිට ඇය හෝ ඔහු වැරැදි මාර්ගවලට පිවිසීමට ඇති අවකාශය වැළැක්විය හැකි වේවි.

• ලිංගිකත්වය සම්බන්ධයෙන් මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය කෙබඳුද?

ලිංගික අධ්‍යාපනය (ඉඥයභචත ඥඤභජචබඪධද) සම්බන්ධයෙන් පෙරට වඩා මාධ්‍යවලින් යම් දැනුවත්භාවයක් ලබා දෙනවා. එහෙත් කාන්තාව සම්බන්ධයෙන් මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය සතුටුදායක නෑ. මේක කාන්තාවන්ගේ නිරුවත 'මාර්කට්' කරන යුගයක්. ගැහැනු දරුවන් සම්බන්ධ සිද්ධීන් මාධ්‍ය වාර්තා කිරීම් ඉතා වැරැදි සහගතයි. මාධ්‍ය ඒ සම්බන්ධයෙන් පුළුල් ආචාරධර්ම පද්ධතියක් මත පිහිටා ක්‍රියා කළ යුතුයි. අපි මේ පන්න පන්නා පහර දෙන්නේ අපේම අම්මාට, සොහොයුරියට හෝ බිරියට විය හැකියි. ලිංගිකත්වය කියන්නේ මානව අයිතිවාසිකමක්. මේ අයිතිවාසිකම කිසිදු ක්ෂේත්‍රයක උල්ලංඝනය නොවන ලෙස කටයුතු කළ යුතුයි.

• ලිංගික අධ්‍යාපනය (ඉඥය ඥඤභජචබඪධද) ලබාදිය යුත්තේ කෙසේද?

ලිංගික අධ්‍යාපනය විධිමත් විදිහටත් අවිධිමත් විදියටත් ලබාදෙන්න පුළුවන්. අවිධිමත් ලෙස පෙර කියූ පරිදි පවුල තුළින්, පොත පතින් මාධ්‍ය තුළින් ලබාදිය හැකියි.
එහෙත් විධිමත් අධ්‍යාපන ක්‍රමයට ලිංගික අධ්‍යාපනය එකතු කරන්නේ නම් ඉතාම වැදගත්. මෙහිදී, ළමයෙක් කොහොමද අනාගතයේ තමාගේ හැසිරීම් පාලනය කර ගන්නේ, ලිංගික සම්ප්‍රේෂණ රෝග මොනවාද?, ළමා මවුවරු පිළිබඳ ප්‍රශ්නය මොකක්ද?. අනිසි ගැබ් ගැනීම් සිදුවන්නේ කෙසේද? ගබ්සා වන්නේ ඇයි?, ඒ සම්බන්ධයෙන් රටේ තියෙන නීති මොනවාද? යන්න පිළිබඳ වයස් මට්ටම අනුව දරුවා තුළ දැනුවත් භාවයක් තිබිය යුතුයි.

• පාසල් අධ්‍යාපන විෂය ධාරාවට ලිංගික අධ්‍යාපනය එකතු කර තිබෙනවා. එය ප්‍රමාණවත්ද?

ප්‍රශ්නය වන්නේ පාසල තුළ මේ දේවල් ඉගැන්වීම කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිසි වැඩපිළිවෙළක් නොමැති වීමයි.

ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතුය කියන කාරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න බොහෝ දෙනෙක් පිළිගන්නවා. විශේෂයෙන් අට වසරේදී මේ අධ්‍යාපනය ලබාදිය යුතු බව ඔවුන් තීරණය කර තිබෙනවා. එහෙත් මේ අතර තවත් පිරිසක් කැමැති නැහැ දරුවාට 8 වසරේදී මේ ලිංගික අධ්‍යාපනයේ පළමු පාඩම් ලබාදෙන්න. අද අවුරුදු 12-15 දරුවන් ළමා මවුවරු බවට පත්වෙලා තියෙනවා. අනුරාධපුරයේ තඹුත්තේගම මගේ උපදේශනය යටතේ සිදුවූ නිරීක්ෂණයේදී හෙළි වුණේ 100% ක්ම ළමා මවුවරු බිහිව තියෙන්නේ විසංවිධිත පවුල් (කැඩුණු පවුල්) වලින් බව. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ උසස් පෙළ මට්ටමේදී මේ අධ්‍යාපනය ලබාදෙන්න බලාගෙන හිටියොත් දරුවන් දෙවැනි විවාහයන්ටත් පිවිසීමේ ඉඩකඩ වැඩියි.

පාසල් විෂය නිර්දේශ සකස් කරන ආචාර්යවරු මහාචාර්යවරු වගේම පාසල් ගුරුවරු, ජාතික අධ්‍යාපන ආයතනවල වගකිව යුත්තන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි.

දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය, වනිතා කටයුතු අමාත්‍යාංශය, ජාතික ළමා රක්ෂණ අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියලුම ආයතන එකතු කරලා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය කියන විෂය අනිවාර්යය විෂයක් ලෙස ලබාදෙන්න මේ සඳහා දැනටමත් අත්පොත් හදලා ඉවරයි. දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක වෙනවා, මේ විෂය උගන්වන්නේ කොහොමද?, උගන්වන විට එන ගැටලු මොනවාද කියන කාරණය පිළිබඳව.

ඉතාමත් සතුටින් කියන්න ඕන උතුරුමැද මහ ඇමැති පේෂල ජයරත්න ලිංගික අධ්‍යාපනය වයස අවුරුදු 12 දී පමණ ලබාදිය යුතුය කියන තැන ඉන්නවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කිරීම ඉතා හොඳ තත්ත්වයක්. මොකද වැඩිහිටි සමහර පිරිස් මෙය කතා කරන්න අකැමැති මාතෘකාවක්. එහෙත් මම හිතනවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්න උගතුන්ට, බුද්ධිමතුන්ට මේක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා.

ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශවලට ඇතුළත් කරලා ඒ පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් ළමයාට ලබාදීම සිදුවන අතරම මවුපියන් ලෙස තමන්ගේ වගකීම හරිහැටි ඉටු කළ යුතුය. සැමවිටම දරුවා පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්. ලිංගිකත්වය පිළිබඳ ඔහු හෝ ඇය සොයා යෑමට පෙර අපි ඔවුන්ව දැනුම්වත් කළ යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්