ආපදා අවස්ථාවලදී සමෘද්ධි නිලධාරීන් යොදා ගන්න යයි

  👤  2776 readers have read this article !
By mawbima 2017-06-19

ආරියරත්න ගනේගොඩ

ගංවතුර, නාය යෑම්, සුළි සුළං හානි වැනි ස්වාභාවික ආපදා අවස්ථාවලදී සහන සේවා සැපැයීම සඳහා ක්ෂණිකව සමෘද්ධි නිලධාරීන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

සාමය සවිබල ගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක හා ආපදා කළමනාකරණ ඇමැති නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති මේ සාකච්ඡාවේදී සමෘද්ධි නිලධාරීන්ට ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුමැති අය ගෙන්වා පුහුණුව ලබාදීමට තීරණය විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්