ජීවිත අහිමි වූ පාලින්දනුවර ජනතාවට අගමැතිගෙන් ප්‍රතිලාභ

  👤  2827 readers have read this article !
By mawbima 2017-06-19

ප්‍රභාන් බුලත්සිංහල

පසුගියදා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ පාලින්දනුවර ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා (14දා) සිදුවිය.
මෙහිදී මියගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් රු. 85,000ක මුදලක් එම පවුලේ ඥාතීන්ට පිරි නැමිණි.

මේ අවස්ථාවට අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍ය තලතා අතුකෝරල, අමාත්‍ය සාගල රත්නායක, කළුතර දිස්ත්‍රික් එජාප පා.ම. ලක්ෂ්මන් විජේමාන්න, බස්නාහිර පළාත් අමාත්‍ය රන්ජිත් සෝමවංශ, පළාත් මන්ත්‍රි කීර්ති කාරියවසම්, පී. ඩී. අබේරත්න, කිත්සිරි කහටපිටිය යන මහත්වරුන් හා කළුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්