කිතු ආගමික ස්ථාන 166කට පහර දීමක් ගැන නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ අසත්‍ය ප්‍රකාශයට සමාව ගත යුතුයි

  👤  2861 readers have read this article !
By mawbima 2017-06-19

කුමුදු උපුල් ශාන්ත

පසුගිය කාලසීමාවේදී ක්‍රිස්ත්‍රියානි ආගමික ස්ථාන 166කට පහරදීම් කර ඇති බව පවසමින් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් පසුගියදා පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකදී කළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධ ඔහු පැය 24ක් ඇතුළත මෙරට ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් එසේ නොකරන්නේ නම් ඔහුව නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රිස්තියානි ආගමික ස්ථානවලට පසුගිය කාලයේදී කිසිවකුගෙන් හෝ එවැනි ප්‍රහාර එල්ල වී ඇද්ද යන්න පිළිබඳව තමා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් විමසා සිටි බවත් එහෙත් එවැනි කිසිදු ප්‍රහාරයක් සිදු නොවූ බවට අගරදගුරු හිමිපාණන් වහන්සේ තමාට දන්වා සිටි බවත් අමාත්‍යවරයා පැවැසීය.

සියලු පුරවැසියන් එකට එකතු වී කටයුතු කළ යුතුව ඇති මෙවන් අවස්ථාවකදී වගකිවයුතු නීතිඥවරයෙක් මෙවන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් තමා දැඩි කනගාටුවට පත්වන බවත් සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමට කටයුතු කිරීමට ඔහු වගබලා ගත යුතු බවත් අමාත්‍යවරයා කීය.

කිලිනොච්චිය ප්‍රදේශයේදී නව අධිකරණ සංකීර්ණයක් විවෘත කරීම වෙනුවෙන් පෙරේදා (17දා) පැවැති උත්සවයකදී ඒ බව පැවැසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාතීන් අතර අසමඟිය වර්ධනය වන අන්දමේ හා වෛරය ඇති කිරීමේ ප්‍රකාශ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්