මෙගාවොට් 870ක විදුලියට ටෙන්ඩර් කැඳවන්න සූදානම්

  👤  2794 readers have read this article !
By mawbima 2017-06-19

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මෙගාවොට් 870ක විදුලි බල නිෂ්පාදනයක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවන්න සියල්ල සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව මේ ටෙන්ඩර් කැඳවීම ඉදිරි මාස දෙක ඇතුළතදී සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.
මේ මෙගාවොට් 870ක විදුලි බල නිෂ්පාදනයට සූර්ය බලයෙන් මෙගාවොට් 200ක්ද සුළං බලයෙන් මගාවොට් 170ක්ද ඇතුළත් වෙයි.
මේ වනවිට බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණු ස්වාභාවික ද්‍රව වායු පළමු වැනි ටෙන්ඩරයේ තාක්ෂණික යෝජනාවන් විවෘත කිරීමටද හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (15දා) බෙදා හැරීම් කලාප අංක 4 මූලස්ථාන ගොඩනැඟිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පළමු වතාවට සූර්ය බලය සඳහා මෙගාවොට් 1 බැගින් ස්ථාන 20කට මෙගාවොට් 60ක් ලබාදීමට මිල ගණන් කැඳවූ බවත් එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් රුපියල් 23.10ට මෙතෙක් මිලදී ගත් සූර්ය බල ඒකකයක් අවම මිල රු. 12.73 දක්වා අඩුවී ඇති බවත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්