කෝටි 13ක කාන්තා යට ඇඳුම් තොගයක් ඉස්සූ සැකකරුවන් වසරකට පසු අත්අඩංගුවට

  👤  2997 readers have read this article !
By mawbima 2017-06-19

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

යුරෝපයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් දහතුන් කෝටියකට අධික වටිනාකකමින් යුතු ලොව සුපතල සන්නාමයක් ඔස්සේ නිපදවූ කාන්තා යට ඇඳුම් තොගයක් හිදෝගම පොලිස් වසමේ කුඩා නෙළුබෑවේ පිහිටි ඇඟලුම් කම්හලකින් සොරා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඊට ආධාර කළ තවත් පුද්ගලයකු හිදෝගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොරකම සිදුවී වසරකට පසුව ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.
ප්‍රධාන සැකකරු ඇතුළු අට දෙනකු හිදෝගම කුඩා නෙළුබෑව ප්‍රදේශයට පැමිණ ඇඟලුම් කම්හලේ ආරක්ෂිත දැල් කපා ඊට ඇතුළු වී නිමි ඇඳුම් ගබඩාව බිඳ පසුගිය වසරේ අප්‍රේල් මස දෙවැනිදා හෝ තුන් වැනිදා දිනයේ යුරෝපයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් දහතුන් කෝටි හැත්තෑ ලක්ෂ තිස් හතර දහස් හාරසිය හතළිස් හයක් වටිනා කාන්තා යට ඇඳුම් තොගය සොරා ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සොරාගත් කාන්තා යට ඇඳුම් තොගය මීගමුව කටුනායක යන ප්‍රදේශවල සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබිණි.

සිද්ධියට සම්බන්ධ වූ සැකකරුවන් හය දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවත් එහි ප්‍රධාන සැකකරු වන මාතර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවකයකු හා මිනුවන්ගොඩ හීනටිගම පදිංචි 25 හැවිරිදි අයකු පොලිසියට කට්ටි පනිමින් සිටියදී කටුනායක ආයෝජන කලාපයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
හිදෝගම පොලිසියේ ස්ථානාධිපති පොලිස්
පරීක්ෂක නිෂාන්ත කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක තිලක් කුමාර පොලිස් සැරයන් ප්‍රීතිරත්න (23667) මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට
ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්