මුනුබුරාගේ මංගල සාදයේදී සීයාට සතුªට වාවනු බැරිව මියගිහින්

  👤  2936 readers have read this article !
By mawbima 2017-06-19

කොබෙයිගනේ - ධර්මසේන රණසිංහ

මුනුබුරාගේ මංගල සාදයේදී සතුටින් සිටි සීයා සතුට දරාගත නොහැකිව අවසන් ගමන් යෑමේ පුවතක් කොබෙයිගනේ පොලිස් වසමේ වලස්වැව ග්‍රාමයෙන් වාර්තා විය.
මෙසේ මියගියේ වලස්වැව පදිංචි එස්.එම්. මුදියන්සේ නමැති 90 හැවිරිදි වයස්ගත අයෙකි.

දියණියන් සමඟ දියණියගේ නිවෙසේ ජීවත් වූ මියගිය අය 16 දින පැවැති මුනුබුරාගේ මංගල අවස්ථාවේදී නෑදෑයන් සමඟ සතුටෙන් සිටි බවද, රාත්‍රි පැවැති සතුටු සාජ්ජය නරඹමින් සිටියදී රෝගීවී රෝහල් ගත කළ පසු මියගොස් සිටි බවට කොබෙයිගනේ පොලිසිය විසින් මරණ
පරීක්ෂණයේදී අනාවරණය කරගෙන තිබේ.

බල‍ෙදාර කෝරල මරණ පරීක්ෂක මහතා සමඟ කොබෙයිගනේ පොලිසිය කොබෙයිගනේ රෝහලේදී පරීක්ෂණ කටයුතු සිදු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්