බිරියට විහිළු කළ හිතවතාට මැරෙන්නම පිහියෙන් ඇනලා

  👤  3014 readers have read this article !
By mawbima 2017-06-19

වීහෙන - අනුරාධ
හලාවත _ ඔස්ටින් ප්‍රැන්සිස්

තම බිරියට කළ බව කියන විහිළුවකින් කෝපයට පත් පුද්ගලයකු ඊයේ (18දා) අලුයම එම අයගේ නිවෙසට ගොස් මන්නා පිහියකින් ඔහුගේ හිසට කොටා ඝාතනය කර ඇති බව හලාවත පොලිසිය කීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ බංගදෙණිය කුමාරකට්ටුව නිවහල්පුර ප්‍රදේශයේ විසූ නානායක්කාර වර්ණකුල පටබැඳිගේ ලදීස් ඇන්ටනි නොහොත් පිස්සු ඇන්ටා නමැති 53 වියේ පසුවන විවාහකයකුටය. ඔහු පෙදරේරුවකු ලෙස සේවය කරන බවත් කියයි.

සැකකරු හා මියගිය අය එකම ගමේ පදිංචි හිතවතුන් වන අතර මියගිය අය නිතර විවිධ පුද්ගලයන්ට විහිළු තහළු කිරීමට පුරුදුව ඇති බවත් ඒ අනුව සැකකරුගේ බිරියටද නිතර විහිළු කර ඇති බවත් එයට බිරිය අකැමැති වූ නිසා ඇය තම සැමියාට ඒ බව පැවැසීම නිසා මරණකරු සැකකරුට නිතර අවවාද කර ඇතත් මරණකරු එය නොතකා ඇයට විහිළු කර ඇති නිසා කෝපයට පත් සැකකරු ඊයේ (18දා) අලුයම 1.30ට පමණ මන්නා පිහියක් ඇතැතිව මරණකරුගේ නිවෙසට ගොස් ඔහු අවදි කරවා ඔහුගේ හිසට මන්නා පිහියෙන් පහර කිහිපයක් එල්ලකර පලාගොස් ඇති බවත් පොලිසිය කියයි.

බරපතළ ලෙසින් තුවාල ලද මරණකරු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් පසුව ඔහු රෝහලේදී මියගොස් ඇති බවද පොලිසිය කියයි.
සැකකරු මෙම ඝාතනයට යොදාගත් මන්නා පිහියත් සමඟ සැඟව සිටියදී අත්අඩංගුවට ගත හැකි වූ බවත් සැකකරු තිස් වන වියේ පසුවන අයකු බවත් පොලිසිය කියයි.

හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්