30 දෙනකුගේ ජීවිත බේරා ගත් 65 හැවිරිදි දයානන්ද

  👤  2964 readers have read this article !
By mawbima 2017-06-19

යක්කලමුල්ල - දමිත් ස¼දනුවන් කීර්ති, ඉමදුව - විතානවසම්

පසුගියදා ගාල්ල - නෙළුව ප්‍රදේශයට බලපෑ දැඩි ගංවතුර තත්ත්වය නිසා ඉඩ කඩම්, ගේ ‍ෙදාර ගංවතුරෙන් යට වී ගැලූ දා රාත්‍රි (12දා) සිට ඊට පසු දින දක්වා තම කුඩා පාරුව උපයෝගී කරගෙන ගංවතුරෙන් අවතැන් වූ අසල්වාසීන් 30 දෙනකුගේ පමණ ජීවිත බේරාගත් පුද්ගලයකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ගංවතුර දින රාත්‍රියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් වයස 65ක් වන කේ.එල්. දයානන්ද මහතාගේ නිවෙස ඇතුළු ප්‍රදේශයේ බොහෝ නිවාස ගංවතුරෙන් යට වී ඇති මෙදින රාත්‍රියේ බොහෝ පිරිසක් ගංවතුරට හසුවී සිටි අවස්ථාවේ දයානන්ද මහතා සිය කුඩා පාරුව උපයෝගී කරගෙන ගංවතුරෙන් අවතැන්ව සිටි අවට ප්‍රදේශවාසීන් 30 දෙනකු බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඇත. දයානන්ද මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි අවස්ථාවකදී පැලඳීම සඳහා තමාට හැකි නම් ආරක්ෂක කබායක් ලබා දෙන ලෙසයි. තම ජීවිතය පවා පරදුවට තබා දයානන්ද මහතා සිදු කළ මෙම සත්කාරයට වීර සම්මානයෙන් පිදුම් ලැබිය යුතු බව ප්‍රදේශයේ සියලු දෙනාගේ මතය වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්