විශ්වාස භංගය 22දා

  👤  2947 readers have read this article !
By mawbima 2017-06-19

උතුර පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරම් මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ලබන 22 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.
විග්නේශ්වරම් මහතාට මහ ඇමැති ධුරය අහිමි වන ලකුණු ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර දෙන අවස්ථාවේ පෙනී ගියත්, මේ වන විට යෝජනාවට අස්සන් තැබූ කීප දෙනකු ද, මහ ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මන්ත්‍රිවරුන් තිස්දෙනකු නියෝජනය කරන පළාත් සභාවේ මේ වන විට මන්ත්‍රි පිරිස දෙකට බෙදී එක් පාර්ශ්වයකට 15 බැගින් සිටින බව වාර්තා වේ.

විශ්වාසභංගයේදී විපක්ෂය කුමන ස්ථාවරයක් ගනීද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්වී නැත.
පළාත් සභා දෙකට බෙදීම වළක්වා ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමේ උත්සාහයක උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එකතු වී සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

මේ වන විට උතුරේ බහුතර දෙමළ ඡන්ද දායකයන්ගේ සහාය විග්නේශ්වරන් මහතාට ලැබෙමින් තිබෙන බවද තවදුරටත් වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්