‘අපේ හාමුදුරුවෝ’ වැරැදි වැඩක් කරලා

  👤  3196 readers have read this article !
By mawbima 2017-06-19

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

අනියම් බිරියගේ නිවසට පැමිණ එම නිවසේ ත්‍රීවීල් රථයක් ධාවනය කරමින් සිටියදී හෙළකින් පහළට පෙරළී මියගිය අයකුගේ ජංගම දුරකතනයට ආ ඇමතුම් කීපයක් නිසා ඔහු එතෙක් සඟවාගෙන සිටියා යැයි කියන රහසක් හෙළිවීමේ පුවතක් උඩුපුස්සැල්ලාව පොලිසියෙන් වාර්තා වෙයි.
පෙරේදා (17දා) දින උඩපුස්සැල්ලාව, සූරියගහපතන ප්‍රදේශයේදී සිදුවූ අනතුරින් මෙසේ මියගොස් තිබුණේ හම්බන්තොට සිට පැමිණ සිටි සමන් ප්‍රසන්ජිත් නමැති 51 හැවිරිදි අයෙකි.

ඔහු මෙම නිවෙසට ඉඳහිට පැමිණි පසු සිය ගමන් බෑගය වෙනම කබඩ් එකකට දමා යතුර රැගෙන යෑමේ පුරුද්දක් තිබී ඇත. ඔහු අනතුරින් මියගිය පසු එම කබඩ් එක කඩා බෑගය එළියට ගන්නා විට එහි ජංගම දුරකතනයක් ද තිබී ඇත.

එම දුරකතනයට ලැබුණු ඇමැතුම්වලට පොලිසිය විසින් ප්‍රතිචාර දක්වන විට හැම ඇමැතුමකින්ම වාගේ කතාව ආරම්භ කොට ඇත්තේ "අපේ හාමුදුරුවනේ" යනුවෙනි.
ඒ අනුව සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ මොහු පැවිදි අයකු බව සඟවාගෙන ගිහි ඇඳුමින් සැරසී මෙම නිවෙසට යෑම් ඊම් කර ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්