එක සතියට රියැදුරන් 9,130කට නඩු

  👤  2904 readers have read this article !
By mawbima 2017-06-19

චාමර අමරසූරිය

කොළඹ නගරය හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල සතියක කාලයක් පුරා ක්‍රියාත්මක වූ විශේෂ රථවාහන මෙහෙයුමෙන් රියැදුරන් 9130 දෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

මංතීරු නීතිය උල්ලංඝනය කළ රියදුරන් 7456කටත්, බීමත් රියදුරන් 34කටත් ආදී වශයෙන් නීතිය ක්‍රියාත්මක කොට ඇතැයි හෙතෙම පවසයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය මත අපරාධ සහ රථවාහන කටයුතු භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ සහ රථවාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කමල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඉකුත් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා මෙම මෙහෙයුම් සිදු කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්