බයිසිකලයෙන් ඇවිත් පාරේ ගිය දැරියකට එන්නතක් විද පලා ගිහින්

  👤  3050 readers have read this article !
By mawbima 2017-06-19

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ, වාන්ඇළ- රවීන්ද්‍ර ගීගනගේ, කන්තලේ - ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ

කන්තලේ පේරමඩුව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වී ඊට නුදුරින් පිහිටි නිවෙසට යමින් සිටි දස හැවිරිදි පාසල් දැරියකට පෙරේදා (17දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි...දෙදෙනකු සිරින්ජරයකින් එන්නතක් විද පලා යෑම සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
යතුරුපැදියේ පැමිණි දෙදෙනා දැරියගේ පිටුපසින් දකුණු අතේ බාහුවට මෙම එන්නත විද ඇතැයි පොලිසිය පවසයි.

මේ සිදුවීම නිවැසියන්ට දැන්වීමෙන් පසුව එම දැරිය කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබේ. දැරිය සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි අජිත් හේසිරි මහතාගේ උපදෙස් මත අග්බෝපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්