කොළඹ කුණු බලන්න රනිල් යයි

  👤  3149 readers have read this article !
By mawbima 2017-06-19

කැළි කසළ සහ අපද්‍රව්‍ය අනවසරයෙන් ගොඩගැසීම හේතුවෙන් පැන නැඟී ඇති ගැටලු මොනවා දැයි...සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18දා) උදෑසන කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. බෝධිරාජ මාවතේ සහ ශ්‍රී ලංගම බස් නැවතුම්පළ අසල ගොඩගසා ඇති කැළි කසළ අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මේ නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවි කරුණානායක මහත්වරුද එක්ව සිටියහ. එම ස්ථානයට පැමිණ සිටි කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා වෙත අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදෙමින් කියා සිටියේ ගොඩගැසී ඇති කැළි කසළ අදාළ ස්ථානවලින් ඉක්මනින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. කසළ එකතුකරනු ලබන ස්ථානද ක්‍රමවත්ව සහ අවට පරිසරයේ පැවැත්මට හානියක් නොවන ලෙස පවත්වාගෙන යන ලෙසත් උපදෙස් දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්