එජා සංවිධානයෙන් ජනපතිට කොන්දේසියක්

  👤  2963 readers have read this article !
By mawbima 2017-06-19

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතීන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ යුද්ධයෙන් හා දේශපාලන හේතුන් මත අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කන්දසාමී කෝවිල ඉදිරිපිට ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයට සහභාගි වී සිටි පිරිස හමුවූ අවස්ථාවේදීය. අතුරුදන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ ආරම්භ කොට ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වන විට දින 118ක් ගතවී ඇත. සාධාරණ විසඳුමක් ලැබෙන තුරු තමන් අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරත වන බවත් ඉක්මනින් තම ගැටලු විසඳීමට පියවර ගැනීමට රජය එක්සත් ජාතීන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළ යුතු බවද අතුරුදන් වූවන්ගේ ඥාතීහු පැවසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්