ජාති-ආගම්වාදී ක්‍රියාවලට 14ක් අත්අඩංගුවට

  👤  2919 readers have read this article !
By mawbima 2017-06-19

චාමර අමරසූරිය

ජාතීන් හා ආගම් අතර භේද ඇති කරන ආකාරයේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ගෙවුණු මැයි මාසයේ සිට මේ දක්වා සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර භික්ෂුවක්, පොලිස් නිලධාරියෙක්, මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු, ද්‍රවිඩ ජාතිකයකු සිටින බවද ජයකොඩි මහතා කියයි.
අත්අඩංගුවට ගත් භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල ජාතිකයන් 11 දෙනාගෙන් වැඩිදෙනා බොදුබල සේනා සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන අය බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් හෙතෙම පැවසීය.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් භික්ෂුවක් සහ පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජයකොඩි මහතා කීය.
ජාතිවාදය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර ඇති දේශපාලනඥයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ කර ඇති බවත් නීතිපති උපදෙස් මත ඉදිරියේදී ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්