මධුෂ්ගේ ෆෝන් ගනුදෙනුව ලොකු පැටීගෙන් අහුවෙයි

  👤  3125 readers have read this article !
By mawbima 2017-06-19

චාමර අමරසූරිය

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියෙන් පසුවද ඩුබායිහි සිට...එම ප්‍රහාරය මෙහෙයවූ දකුණේ පාතාල නායක "මාකඳුරේ මධුෂ්" නමැත්තා දැනට අත්අඩංගුවේ පසුවන වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන 'අහුංගල්ලේ ලොකු පැටී' නමැත්තාට කිහිප වතාවක් දුරකතන ඇමැතුම් දී දුක සැප සොයා බලා ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම පාතාල සාමාජිකයාගෙන් මේ වන විට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.

ඝාතනයට ඔහු රැගෙන ගිය බව කියන ගිනි අවියක් සම්බන්ධයෙන් සහ මෙම සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් ඔහුගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වෙමින් තිබෙන බවද පොලිසිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්