මාව ඉවත් කරන්න කොළඹින් කුමන්ත්‍රණ කරනවා

  👤  3259 readers have read this article !
By mawbima 2017-06-19

මුලතිව් - ශෂිකුමාර්

කොළඹදී තමන්ට එරෙහිව කරපු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කියා සිටී.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔහුට එරෙහිව භාර දී ඇති විශ්වාසභංගයට විරෝධය පාමින් යාපනයේ වැසියන් පිරිසක් විරෝධතා පා ගමනින් උතුරු මහ ඇමැතිවරයාගේ නිල නිවෙසට පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ,
"කොළඹ දී මට එරෙහිව කරපු කුමන්ත්‍රණයක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. කුමන්ත්‍රණය කරපු අය ගැන මම දැන් කියන්න කැමැති නැහැ. ඒ වුණත් ඒක වුණේ කොහොමද කියලා මම කියන්නම්."

'අමාත්‍යවරුන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා වාර්තාවක් එනවා කියලා ඒ අය දැනගෙන හිටියා. ඒ වාර්තාවෙන් කියැවෙන කරුණු අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න හෝ නොගෙන ඉන්න මට සිද්ධ වෙනවා. ඒකෙදී මම මොන පියවර ගත්තත් කුමන්ත්‍රණකරුවො ඒකේ වාසිය ගන්න තමයි සැලසුම් කරල තිබුණෙ. එතනදී වැරැදිකරුවන් රැකගන්නවා කියලා චෝදනා කරලා මාව එළියට දානවා. නැත්නම් දැන් කරලා තියෙන විදිහට ඒ අයට දඬුවම් දුන්නා කියලා මට එරෙහිව පියවර ගන්නවා. ඔය දෙකෙන් මොකක් වුණත් මාව එළියදාන්න ඕන කියන මතයෙ තමයි ඒ අය හිටියේ.

අනෙක මේ වගේ විමර්ශනයක් කරන්න ඕන කිව්වෙත් අපේම පක්ෂයේ කට්ටිය. ඒ හින්ද තමයි අපි කමිටුවක් පත් කරලා විමර්ශන කළේ. පළමු උතුරු පළාත් සභාව මේ වංචා දූෂණ සම්බන්ධයෙන් අපි හරියට කටයුතු කළේ නැත්තම් දිගටම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්