කුණු අයින් කරන වැඩේ භාර ගන්න හමුදාව බෑ කියයි

  👤  3309 readers have read this article !
By mawbima 2017-06-19

චාමර අමරසූරිය

කැළි කසළ ඉවත් කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට කටයුතු නොකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න "මව්බිම"ට පැවැසීය.රට තුළ උද්ගත වී ඇති ඩෙංගු වසංගත තත්ත්වයත් සමඟ එය මර්දනය කිරීම සඳහා යුද හමුදාව පළාත් පාලන ආයතනවලට සහාය ලබා දෙන බවත් එහිදී යුද හමුදාව ප්‍රදේශයන් නිරීක්ෂණය කරමින් කුණු තිබෙන ස්ථාන හඳුනාගෙන අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමේ කටයුත්තේ පමණක් නිරත වී සිටින බවද බි්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් යුද හමුදා කර්නල්වරයකුගේ නායකත්වය මත ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බළඇණි හයක් මෙම කටයුතුවලට යොදවා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පෙරේදා (17දා) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැළි කසළ ඉවත් කිරීමට යුද හමුදා සහාය ලබා ගන්නා බවට පැවසූ අතර ඒ සම්බන්ධයෙන් "මව්බිම" කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඉහත සඳහන කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්