උතුර යළි රත්වෙයි

  👤  3592 readers have read this article !
By mawbima 2017-06-18

මඩුකන්ද - දීපාල් බණ්ඩාර
චාමිණි ගම්මන්පිල

උතුරු ප්‍රධාන අමාත්‍යවරයාට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි බල කරමින් උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් මෙය සංවිධානය කර ඇතැයි වාර්තා වෙයි.
උතුරේ දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ එම විශ්වවිද්‍යාලයේ සිසුහුද මේ හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වමින් විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටිති.

මේ අතර විග්නේශ්වරන් මහතාගේ කාර්යාලයේ සිට නල්ලූර් දක්වා ගමන් කරමින් උද්ඝෝෂණයේ නිරත වූ යාපන විශ්වවිද්‍යාලයේ සිසුන් පවසන්නේ යම් හෙයකින් ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කළහොත් තමන් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය වටලන බවයි.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රිවරුන් පිරිසක් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව පසුගියදා භාරදුන් විශ්වාසභංග යෝජනාව පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පළාත් සභාවේ බහුතර කැමැත්ත ඔප්පු කර පෙන්වන ලෙස ප්‍රධාන අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දුන් පසුව සිසුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්