ISIS නායකයා ගුවන් ප්‍රහාරයකින් මරුට

  👤  3541 readers have read this article !
By mawbima 2017-06-18

ඉස්ලාමීය සටන්කාමීන් හෙවත් ධ්ඉ සංවිධානයේ නායකයා වූ අබු බකර් අල් බග්දාදි (ඒඡභ ඕචඬප චත - ඕචඨඩඤචඤඪ)ව ගුවන් ප්‍රහාරයක් මඟින් මරා දමන ලද බව රුසියාව තහවුරු කරයි.

රුසියානු භට කණ්ඩායම් විසින් ඉකුත් මැයි 28දා සිරියාවට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින් ධ්ඉ නායකයා ඝාතනය වී ඇති බව හෙළි වී තිබේ.
ධ්ඉ නායක අබු බකර් අල් බග්දාදි සමඟ ධ්ඉ සංවිධානයේ තවත් ජේ‍යෂ්ඨ නායකයන් කණ්ඩායමක්ද මරුමුවට පත්වී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කොට ඇත.

ඉකුත් මැයි 28දා සිරියාවේ රක්කා (අචඳඳච) නුවර පිටත සීමාවේදී පැවැත්වුණු ධ්ඉ රැස්වීමකට රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වී ඇති අතර එම ප්‍රහාරය ධ්ඉ නායකයා ඇතුළු කණ්ඩායමට මරු කැ¼දවා ඇතැයි කියැවෙයි. මියගිය පිරිස අතර මධ්‍ය මට්ටමේ සටන්කාමී නායකයන් තිස් දෙනකු පමණ ද තවත් සටන්කාමීන් 300 දෙනකු පමණද සිටින්නට ඇති බව කියැවෙයි.

රක්කා නුවරින් ඉවත්වීම සඳහා මේ ධ්ඉ සටන්කාමීන් පිරිස සාකච්ඡා පවත්වමින් සිටියදී ගුවන් ප්‍රහාරය එල්ල වී තිබේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී ධ්ඉ නායක බග්දාදි මියගිය බවට වාර්තා පළවිය. කලක් සැඟවී සිටි තැනක් සොයාගත නොහැකි වූ බග්දාදි ඇමෙරිකාව ප්‍රධාන කොට වූ ඒකාබද්ධ මෙහෙයුම් පසුගිය වසරේදී ඇරැඹීමට පෙර ඉරාකයේ මොසුල් නුවර සිටින බවට විශ්වාසයක් පැතිර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්